31st CHAPTER

453 94 66
                                    

" ඔයා කියන්නේ අද ස්කෝලේ යන්න බෑ කියලද? "

රෝස් ආයෙම වතාවක් ඇහුවා. සැර බැල්මකුත් එක්කම.

" ආආ මොකක්ද ඔම්මා... මේ දවස් වල උගන්නන්නෙත් නෑ ආර්ඩ් ඩේක නිසා. අනික මගෙ බඩත් රිදෙනව වගේ "

ටේහ්‍යුන්ග් අහිංසක මූණක් මවාගන්න ගමන් සාම්ප්‍රදායික බොරුවම කිව්වා.

" උගන්නන්නැත්තම් ඔයා නොයාම ඉදී "

මේ පාර මොනවගේ නොසන්ඩාල වැඩක් කරගෙනද් දන්නෑ ස්කෝලේ යන්න බෑ කියන්නේ... රෝස් අතේ තිබ්බ භාජනේ පිහිලා පැත්තකින් තිබ්බා.

" අනේ ඔම්මා! අද විතරනේ සුදූ "

" හරි හරි දැන් අහකට යන්න ඇගේ ඇතිල්ලෙන්නැතිව "

රෝස් ටේහ්‍යුන්ග්ව අහකට කරාම ටේහ්‍යුන්ග්ගේ මූණ ඇද උනා.

" එතකොට යන්නැතුව උන්නට හානේ.. නේද? "

ටේහ්‍යුන්ග් මූණ ඇද කරන්ම ආයෙමත් රෝස්ගේ ඇගේ ඇතිල්ලුනා.

" ආආඅහ් බෙයා එහාට වෙන්න.. පූසෙක්ගේ ආත්මයක්වත් වැහිලද? "

රෝස් එයාගේ ඇදුම පොඩිකරන එයාගේ ආදරණිය පුතාට රැව්වා. ටේහ්‍යුන්ග් හීනි ඇස් රවුම් කරලා අහිංසකම මූණ රෝස්ට පෙන්නුවා.

" ඕනෙ එකක් කරගන්න... ගෙදර ඉන්නවනම් නට නට ඉන්නැතුව පොතක් බලාගන්න ඕනේ තේරුනාද? "

" අනේ මගේ සුදු ඔම්මා! "

ටේහ්‍යුන්ග් ඇගිලි තුඩු වලින් ඉස්සිලා රෝස්ගේ කම්මුලක් ඉම්බා. ඒ සිනිදු කම්මුල තොල් වල වැදිලා යටට එබිලා ගිහාම ටේහ්‍යුන්ග්ට දෙයක් මතක් උනා. මෙයාලා සොෆ්ට් වැඩිද? නැත්තම් මගේ කිසස් රෆ් වැඩීද?

ටේහ්‍යුන්ග් ලාවට ඔලුව ගසලා රෝස් එක්ක හිනා උනා.

" ඔම්මා යන්නේ කීයටද? මං ඕවා පිහින්නද? "

ටේහ්‍යුන්ග් හරිම උද්‍යෝගෙන් රෝස්ගෙන් ඇහුවා. රෝස් ඇස් හීනි කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. බඩ රිදෙනවා කියලා කිව්ව කොල්ලා නේද?

" නෑ නෑ මමම කරගන්නම් ටේ.. මං තව ටිකකින් යන්න ඉන්නේ.. ම්ම් පැයකින් වගේ "

Anti-Romantic♡  Where stories live. Discover now