5th CHAPTER

562 113 9
                                    

                  හෙවන් ලේන් එකේ ඩෙවිල් පැටව් ලේන් එක සරසමින් හිටියා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදානූකූල විදිහට ඒ ලේන් එකේ හැම අවුරුද්දෙම එහෙම උනා.

ඒත් එක ඩෙවිල් පැටියෙක් වෙනදා වගේම අනිත් අයව ප්‍රතික්ශේප කරලා එයාලට එකතු නොවී තමන්ගේ පාඩුවේ ඉන්න තීරණේ කරලා තිබ්බා. හහ් පාඩුවේ! කොහෙත්ම නෑ. ඒත් අද එයාට අනික් අයට වද දෙනවට වඩා වෙන වැදගත් දෙයක් කරන්න තිබ්බා.

" ප්‍රින්සස් මේක ලස්සන ද? "

උදේ ඉදන් ගනන් කරන්න බැරි තරම් ඇදුම් ගොඩක් ජන්කුක් ඇද ඇද බලලා තිබ්බා. එත් තවත් එකක් ඇදලා ජන්කුක් එයාගේ චූටි නංගිගෙන් එහෙම ඇහුවේ අවුරුදු හතරක පුංචි එකීත් කලින් වගේම එයාගෙම භාශාවෙන් උද්‍යෝගයෙන් උත්තර දෙද්දී..

" ඔම්මාවත් ගෙදර හිටියනම්.. "

ජන්කුක් බර හුස්මක් අතහැරියා.

______________________________________

" ඒ ටේහ්‍යුග්නා! ප්‍රින්සස්ලාගේ ගෙදර පැත්තේ ගියාද ? "

" නෑ හොබියෝ... ඇයි? "

" නෑ උබේ ඩේලී රූටින් එකේ ඒකත් තියන නිසා මං නිකමට වගේ ඇහුවේ "

පාර දිගට බල්බ් වැල් අදිමින් ඉනිමගක නැගගෙන හිටිය හොබී කියද්දී ටේහ්‍යුන්ග් හොබීට රැව්වා. මූව මේකෙන් තල්ලු කරන්න වටින්නේ!

" හැල්මොනීගේ සාරිය# ඩේලි රූටින්! "

ඔව් ටේහ්‍යුන්ග් අද ජොන්ග් ගෙදර ගියෙ නෑ.. ගියෙ නෑ නෙවේ යන්න උදේම ඇහැරුන්නෑ. ඇහැරුනු වෙලාවෙ හැටියට එහෙ ගියොත් එයාට ගේට් එකෙන් යන්න බැරි බව එයා දැනගෙන හිටියා. ඉතින් එයා අද එහෙ ගියෙ නෑ.

" හැබැයි ප්‍රින්සස් නම් ලොකු උනාම අපිත් එක්ක එකතු වේවී "

නම්ජුන් අතින් තව එක බල්බ් එකක් ජයග්‍රාහී විදිහට බිදිල යද්දී එයා හැමෝටම විරිත්තලා හිනා උනා.

" තෝ ඕවා අල්ලන්න එපා යකෝව් "

සූබින් නම්ජුන්ට කෑගැහුවා.

" මටත් හිතෙනවා ප්‍රින්සස් ජන්කුක් වගේ නැති වෙයි කියලා "

යුන්ගි කිව්වේ අනාවැකියක් කියන සාමි කෙනෙක් වගේ.. එයාලා හැමෝම ප්‍රින්සස්ට~~ එහෙමත් නැත්තම් ජන්කුක්ගේ නංගිට පණ ඇරලා ආදරේ කරා. ඒකට එක එක්කෙනාට එක එක විදිහේ හේතු තිබ්බා. හරියට එයාලගේ සෙට් එකේ පුංචිම එකී ප්‍රින්සස්! තව එයා තමයි හෙවන් ලේන් එකේ එකම කෙලිපැටික්කි වගේ!

Anti-Romantic♡  Where stories live. Discover now