19th CHAPTER

505 110 75
                                    

"අපි මැච් එක බලන්න යන් නැද්ද? "

යුන්ගි කටකොනින් හිනාවෙලා කිව්වේ ටේහ්‍යුන්ග් දිහත් බලන ගමන්.

ඒත් ටේහ්‍යුන්ග් හිටියේ කතා පොතක් අස්සෙ ගිලිලා. ගිලිලමත් නෙවේ ඒත් ගිලිලා වගේ කියලා එයා අනික් අයට මවා පෑවා.

" යමු නේද? හැමෝම වගේ ගිහින් "

නම්ජුන් ක්ලාස් එක පුරාම ඇස් යැව්වා. ඇයි මුන්ට ෆුට්බෝල් මැචස් බලන්න යන්න තියන උනන්දුව බාස්කට් බෝල් මැචස් බලන්න නැත්තේ? එයාලා විතරක්ම ඉතුරු වෙලා කියලා දැක්කම නම්ජුන් ඇස් හීනි කරා.

" ගිහින් වගේ නෙවේ.. ගිහින් තමා "

ජිමින් මිමිනුවා. ජන්ග්කුක් ජිමින්ට එරෙව්වා. මොකද ජිමින් දැනගෙන හිටියත් ජන්ග්කුක් දැනන් හිටියේ නෑ අද දවසෙම තියෙන්නෙ මැචස් විතරයි කියලා. එයා කලින් ඒක දැන ගත්තනම් කොහෙත්ම අද ස්කෝලේ එන්නෙ නෑ!

" කෝ ඉතින් ටේයාගේ නෑනේ කිසි උනන්දුවක් "

" උනන්දුව තිබ්බට ඌට අපිට ඒක කියාගන්න බැරුව ඉන්නේ "

" යෙහ්!! දැට්ස් මා බෝයි "

යුන්ගි හේසොක් ඩබල හයිෆයුව් එකක් දාලා සදෙන් හිනා උනා.

මේ මොන කෝලමක්ද? සොක්ජින් ජන්ග්කුක් වගේම අනික් අය දිහා ඔරවන් බලන් හිටියා. එයාගෙත් කොහොමත් මැච් බලන්න උනන්දුවක් නෑ. මොකද කට්ට අව්ව! එයාගේ හැන්ඩ්සම් ෆේස් එක සවුත්තු කරග්න්න එයාට ඔනෙ උනේ නෑ.

"මොකක්ද මෙතන වෙන්නේ "

ජිමින් ඇහුවේ ඔරවන් ඉන්න ජින් දිහා වගේම පිස්සුවෙන් හිනාවෙන අනික් හතරදෙනා දිහා බලලා. ඔරවන් ඉන්න ජන්ග්කුක්ව වගේම පොතේ ගිලිලා ඉන්න ටේහ්‍යුන්ග්වත් ජිමින් උවමනාවෙන්ම මගෑරියා.

" ටේහ්‍යුන්ග්ගේ ලව් එක මැච් එකට සෙල්ලම් කරනවා අද "

සුබින් හිනාවෙන්ම කියද්දි පුදුමෙන් පිරුනු ඇස් හතරක් වගේම තරහෙන් පිරුනු ඇස් දෙකකුත් සූබින් දිහාට යොමු උනා.

" මගේ ලව් එක? හහ් මට ඇති ලව් එකක් නෑ "

තරහෙන් පිරුනු ටේහ්‍යුන්ග් ඇස් සූබින් දිහාම බලන් තරහෙන් ගෙරෙව්වා.

Anti-Romantic♡  Where stories live. Discover now