24th CHAPTER

482 121 64
                                    

" ත්ව් කොව්ච්‍රර වෙලාව්ක් යයිද? "

ජිමින් පාන් පෙත්තෙන් භාගයක් විතර කටේ දාගත්තා. ඒත් එයාලා දිහාවට ඇවිදන් එන ඩෙවිල් පැටව්න්ව දැක්ක ගමන් එයා ඒක සම්පූර්ණයෙන්ම ගිල්ලා.

" චීමි හිමින් කන්න... "

මොන කෝලමක්ද මේ? ජිමින් යුන්ගිව දැකලා කන්නත් ලැජ්ජ වෙනවා කියලා තේරුනහම ජන්ග්කුක් නලල රැලි කරා.

ඩෙවිල් පැටව් ලගට එනකනුත් ජන්ග්කුක් ඒ විදිහටම ජිමින් දිහා බලන් හිටියා.

" ඔයාලා ඇවිත් ගොඩක් වෙලාද? "

සූබින් ඇහුවම ජන්ග්කුක් සූබින් දිහා බැලුවා.

" නෑ හරියටම විනාඩි දහයක් වගේ ඇති.. ඩැඩා අපිව ගෙනත් දැම්මා"

ජන්ග්කුක් කියද්දී ජිමින් තෝන්තුවෙන් වගේ ඔව් කියන්න ඔලුව වැනුවා. යුන්ගි ලාවට හිනාවෙලා අහක බැලුවම ටේහ්‍යුන්ග්ගේ ඇස් වේගෙන් හේසොක් ලග නැවතිලා යමක් ඉගිකරා.

" අද හැමෝම හරි ලස්සනයි "

ඒ උනාට අයිම් වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම්! සොක්ජින් කිව්වෙ එයාලා ටික දිහා ඇස් යවමින්.

ඇත්‍ත! ඒ හැමෝම අද ලස්සනයි. ස්කෝලේ නේම් එක ප්‍රින්ට් කරපු හූඩි ඇදන් ඒක යටින් බැච් ඉයර් එක ප්‍රින්ට් කරපු ට්‍රිප් එකට ගහපු ටීශර්ට් ඇදලා.. මැචින් පෑන්ට්ස් එහෙම ඇදලා... ශූස් දාලා තඩි මළුත් උස්සන් එයාලා හරිම අපූරුවට විලෝ ගස් ඉස්සරහ ඒරියා එකේ හිටගෙන හිටියා.

" ඇත්ත හැමෝම අද හරි ලස්සනයි "

යුන්හොගේ කටහඩ ඇහුනම යුන්ගි ඇස් රෝල් කරා. මූ නම් මල් මල් ක්ලෝත් එකක්! නැති තැනකුත් නෑ.. ඕන නැති කතාවකුත් නෑ.

යුන්හෝ හිනාවේගෙනම රව්මට හිටන් උන්නු ඩෙවිල් පැටව් ලගට ආවා.

" ගුඩ්මෝනින් කට්ටියටම... මට ඕන ශීට් ටික කියන්න.. ටේයා ඕන් මං උබලා ලගට තමා මුලින්ම ආවේ "

යුන්හෝ කියවන් ගියා. ටේහ්‍යුන්ග් අමුතුවට හිනාවෙලා යුන්හෝ දිහා බැලුවා.

" හැමදාම වගේ ලාස්ට් ශීට් එක අපිට... අහ් තව ඊට ඉස්සරහ ශීට් එකත් "

Anti-Romantic♡  Where stories live. Discover now