12th CHAPTER

484 116 10
                                    

" මට අයින දෙන්න ජන්කුක් "

ජන්කුක් එයාලා ළඟ ඉදී කියලා මිසිස් ජූට කිව්වට පස්සෙ ටේහ්‍යුන්ග් පුටුවක් අරන් එයාගේ පේලියට ආවා.

ඩබල් පීරියඩ් ඉවර වෙලා මිසිස් ජූ පන්තියෙන් ගියාට පස්සේ ඉන්න තැන් ඉදපු තැන් ගැන ප්‍රස්නේ පටන් අරන් තිබුනා.

" අයින? "

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා. හරියට නිකම් එතකොට මං ඉන්න ඕනේ ඔයාගෙයි යුන්ගිගෙයි මැදද අහන්න වගේ.

" ඔව් බිත්තිය ළඟ මට ඕනේ! "

ටේහ්‍යුන්ග් එයාගේ රාජධානිය එයාගේ නීති වගේ එහෙම කියද්දී ජන්කුක් ඇස් රෝල් කරා.

" එහෙනම් මට එහා කොන දෙන්න "

ජන්කුක් ටිකක් ලොකු කමින් වගේ සූබින් ඉන්න තැන පෙන්නුවා.

" බෑ! මං මැදවල් වල ඉන්න කැමති නෑ.."

" එක්කෝ හේසොකා මෙතනට වරෙම්.. කුක්කා පිටිපස්ස පේළියට යයිනේ "

සූබින් එහෙම කියද්දි යුන්ගි කතා කරා. පේළි දෙකේම අවදානේ එයාට ලැබෙද්දි ජන්කුක්ගේ ඇස් දිලිසෙමින් තිබ්බා. එකාතකට ඇයි මට ඒ සුදුමැලි මනුස්සයා හොදින් සලකන්නේ! ජන්කුක් හිටපු විදිහටම බිත්තියට හේත්තුවෙලාම ජිමින් දිහා හැරිලා බැලුවා.

" බෑ හේසොකාව මට ඕනේ"

සොක්ජින් කෑගහද්දි ජන්කුක්ට තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් බිදිලා ගියේ ජිමින්ගෙත් මූණ මැලවිලා යද්දී.

ටේහ්‍යුන්ග් නම් පැත්තකින් හිටගෙන මේ නාට්‍ය නරඹමින් හිටියා. චුට්ට චුට්ට අවුස්සමු! ටේහ්‍යුන්ග් එයාගේ දිග ඇගිලි වලින් නිකට පිරිමැද්දා.

" එහෙනම් මං පස්සට යන්නම්.. කුක්කාගෙ යාලුවා මෙතනට එන්න"

ආයෙමත් යුන්ගි කියද්දී හැමෝගෙම කටවල් ඇරුනා. ඇයි මූ මෙච්චර සමාජ සේවයක් කරන්න හදන්නේ.. නම්ජුන් ඇස් දෙකත් පිහිදාලා ආයෙම යුන්ගි දිහා බැලුවා.

" උබ මෙතනින් කොහෙවත් යන්නේ නෑ හොදේ.. එච්චරයි. "

සූබින් යුන්ගිට එහෙම කියන ගමන් ජන්කුක්ට පිච්චිලා යන බැල්මක් දැම්මා. සාධාරණයි! එයාලා තරහාකාරයෝ.

Anti-Romantic♡  Where stories live. Discover now