22nd CHAPTER

488 113 25
                                    

" ලස්සනයි නේ "

" ම්ම්ම් "

කවුදො එහෙම අහද්දී ජන්ග්කුක් කෙදිරිගෑවා. එයාගේ බෝල ඇස් තිබ්බේ ග්‍රවුන්ඩ් එකේ පැත්තක නටන ගර්ල්ස් එකේ චිය ලීඩර් ටීම් එක ගාව.

ටේහ්‍යුන්ග් ආයෙමත් කටකොනින් හිනාවෙලා ජිමින්ට වැලමිටෙන් ඇනලා ජන්ග්කුක්ව පෙන්නුවා.

" එයා ඩාන්සින් වලට කැමති "

ජිමින් උරහිස් ගස්සලා ටේහ්‍යුන්ග්ව නොසලකා හරිද්දී ටේහ්‍යුන්ග් ඇස් රෝල් කරා.

ඩාන්සින් වලට කැමති? අනේ මොකට කියනවද සබ්ජෙක්ට් එක මාරුකරන්න ඉදපු කෙනානේ! ටේහ්‍යුන්ග් දිවෙන් කම්මුල් තෙරපුවා.

එයාලා හිටියේ ග්‍රවුන්ඩ් එකේ ස්පෝර්ට් මීට් එක බලන්න ඇවිත්.. මුලින් නෑවිත් ඉන්න හිතුවත් අවුරුද්දටම එකයිනේ කියලා හිතලා ඩෙවිල් පැටව් ස්පෝර්ට් මීට් එක බලන්න එන්න තීරණේ කරලා තිබ්බා.

"  ගෑනු දිහා නෙවේ ග්‍රවුන්ඩ් එක දිහා බලනවා "

ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගේ ඔලුවට තට්ටුවක් දැම්මා. කලින් පාර නැතත් මේ වතාවේ ජන්කුක්ගේ ඇස් ටේහ්‍යුන්ග් දිහාට හැරුනා.

" ඔයාට වැඩක් නැනේ "

ජන්ග්කුක් කට ඇද කරලා කියද්දි ටේහ්‍යුන්ග් ඇස් තවත් හීනි කරා. එයා හිටියේ හේතුවක් නැතුව හිතේ නළියන තරහට අත්මිට මොලවගනිමින්!

" කෙල්ලෙක් නම් වෙන මුකුත් ඕන්නෑ "

" ඕ..ඕන්නෑ තමයි "

ටේහ්‍යුන්ග්ගේ බැල්මට ගැස්සුනු ජන්ග්කුක් කලබලෙන් ඔලුව ග්‍රවුන්ඩ් එක දිහාවට හැරෙව්වා. තව කොච්චර වෙලා තියෙනවද දන්නැ.. ආර්ග්ග්ග් මගේ කන් දෙකත් රිදෙනවා. ජන්ග්කුක් කම්මුල් පිම්බුවා.

මොකට මම මේ පිස්සු වලහා ගාව වාඩි උනාද මන්දා.. එයා හොරෙන් වගේ ජිමින් ඉන්න දිහා බැලුවා.

ජිමින් එයාලා උන්නු පේළියේම ටේහ්‍යුන්ග්ගේ එහා පැත්තේ ඉදගෙන හිටියා. කොනේම උන්නු යුන්ගි ළඟින්.. යුන්ගි හොදටම කියවන ගමන් වගේම ජිමින් හොදටම හිනාවෙන ගමන්!

Anti-Romantic♡  Where stories live. Discover now