3 කොටස

1.1K 81 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️   

🌼3 කොටස🌼

සඳුදා දින උදෑසනම ඇඳ පැළඳගත් නේශා කුසුම්ට වැන්ඳේ ඇගේ අලුත් රාජකාරී ස්තානය වෙත යාමටයි.කුසුම් ඇගේ හිස අත ගෑවේ අපිරිමිත ස්නේහයකිනි.

"මගෙ කෙල්ලට තුරුනුවන්ගෙම සරණයි.හිතේ ප්‍රශ්න අමතක කරලා හොඳට වැඩ ටික කරන්න හොඳද?"

ඇගේ ආශිර්වාදය නේශාගේ හිතට මහා හයියක් වෙද්දී නේශා නිවසින් පිටත් වූයේ සුභ සිතුවිලි ගොන්නක් හිතේ කැටිකර ගනිමිනි.ප්‍රධාන මාවතට නිවසේ සිට කිලෝ මීටරයකට ආසන්න දුර ප්‍රමාණයක් ඇවිද යා යුතුය.අතරමඟ ත්‍රී රෝද රථයක්වත් නොතිබුණු බැවින් ඇය මහන්සි නොබලාම පයින්ම යාමට තීරණය කළේ වටේ පිටේ සිරි නරඹමින් යාමත් ආශ්වාදජනක වූ බැවිණි.නව රැකියා ස්ථානයේ සිටින පුද්ගලයන් කෙබඳු අයවලුන් වේවිදැයි හිතට චකිතයක් දැනුනද පෙර මෙන් හිත රිදෙන දේවල් නොවේවි යැයි ඇය තරයේ විශ්වාස කළාය.කල්පනා ලෝකයක සිට ප්‍රධාන මාවතට පිවිසි ඇයට මහන්සියක් නොදැනුණු තරම් ය.අසල තිබූ විශාල බුදු මැදුරෙන් නිකුත් වන පිරිත් හඬ පවා ඇගේ හිත නිවනා සුළුය.ඊටත් පැයකට පමණ පසු කාර්යාලය ඉදිරියෙන් බැසගත් නේශා එහි ඉහළින්ම ඇති නාම පුවරුව දෙස බැලුවේ මඳ සිනහවක් මුවට නැඟෙද්දීය.ලංකාවේ ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ ආයතනයක රාජකාරී කළ ඇය එහි ස්වර්ණාභරණ මෝස්තරකරණයේ සහ නිර්මාණකරණයේ යෙදුනේ ඒ විශය පථයට ඇය පාසල් යන කාලයේ සිටම ප්‍රිය කළ නිසාය.රත්නපුරයේ පිහිටි ශාඛාව එම ආයතනයේ ප්‍රථම ශාකාවයි.පිළිගැනීමේ නිළධාරිණියගෙන් ආයතන ප්‍රධානියා සිටි ස්ථානය අසා දැනගත් නේශා ඊළඟ විනාඩි කිහිපයේ සිටියේ ඔහුගේ කාමරය ඉදිරියේය.

"මේ අයි කම් ඉන් සර්?"

"කම්..."

ලද අවසරයෙන් කාමරය තුළට පිවිසි නේශා ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගද්දී ආයතන ප්‍රධානියාද පෙරලා ඇය සමඟ සිනාසෙන්නට විය.ඒ ප්‍රතිචාරයට ඇගේ හිතේ වූ චකිතය නැත්තටම නැති වූවාක් මෙනි.

"මේ මිස් නේශා රත්නායක වෙන්න ඕනේ...මං හරිද?"

හඳුන්වා දීමටත් ප්‍රථම ඔහු පවසද්දී නේශා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.ඒ මුහුණ කිසිවෙකුගේ හෝ රුවකට සමානය.ඇගේ වයසටම මෙන් සිටි ඒ තරුණයා දෙස නේශා බලා සිටියේ ඒ හුරුව කුමක්දැයි කල්පනා කරද්දීය.

සසර පුරා - Until Where stories live. Discover now