26 කොටස

981 69 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️ 

🌼26 කොටස🌼

දේවින්ද වෙනුවෙන් යමක් කරගත නොහැකිව නේශා තැවෙන්නට වූවාය.හදිසියේම මදාරාගෙන් ලද කෙටි පණිවිඩය ඇගේ සිතට වද දෙමින් තිබුණි.

✉️
'නේශා..දේවින්ද පොලීසියට භාර වෙලා බං.මූ යාලුවගෙ ගෙදරින් උගේ ගෙදරට ගිහින්.කවුරුහරි ඒක චලනිට කියලා චලනි පොලීසියට කියලා.පොලීසියෙන් ඇවිත් කුදලගෙන ගිහින්.දන්නවද වැඩේ?චලනි ඇන්ට්‍රිය දාලා තියෙන්නේ මූ ඒකිව රේප් කරලා කියලලු..දේවින්ද පස්සේ දරුවා ගැන දැනගෙන හිතාමතාම තල්ලු කළාලු..මේකිට සහගහනවා බං මේ කියන බොරු වලට.මට දේවින්ද ගැන දුකේ බෑ.ඒත් සද්ද නැතිව ඉන්නේ චලනිගෙ ගෙදර මිනිස්සු ගැන දන්න නිසා.උගෙ අයියා තනිකරම මැරයෙක් බං'

✉️
'උඹ අවුල් ගන්න එපා.පරිස්සමින් ඉඳපන්'

නේශා තවත් වරක් ඒ පණිවිඩය කියවා බැලුවාය.චලනි ගැන දැනුණු අසීමාන්තික කෝපය වෛරයක් බවට හැරවෙන බවක් ඇයට දැනුණි.චලනි සමඟ එක්ව තමාව රැවැට්ටුවද නොකළ වරදකට ඔහු හසු වනවාට කැමැත්තක් නේශා තුළ නොවීය.සශීරට මේ කාරණා පවසන්නට ගොස් ඔහුව තරහා කරගැනීමට නොහැකි බවක් ඇයට දැනුණි.ඔහු දේවින්ද ගැන කතා කරන්නටද අකැමැතිය.ඔහුගේ අවවාදය නොතකා දේවින්දට ඇමතුමක් ගත් බව ඔහු දැනගතහොත් ඔහු බොහෝ කලකට එය අමතක නොකරන බව නේශා දනී.සශීරගේ කෝපය දකින්නට ඇය අකැමැතිය.නැත්නම් ඇය එයට බියය.

හවස නේශාව රැගෙන යාමට පැමිණි සශීර මෙවර කාර්‍යාලය තුළටම ආවේය.ඇයව දැක සුන්දර සිනහවක් පෑ ඔහු තාරකගේ කුටියට යද්දී සිවුරුහන් හඬකට නේශා තිගැස්සී ගියාය.පමිත සිටියේ ඇය දෙසට සරදම් සිනහවක් පාමිනි.

“ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..”

ඔහුගේ හඬ කාර්‍යාලයේ සිටි හැමෝටම ඇසුණි.නේශා ඔහුට පෑවේ තරවටු බැල්මකි.

“ඒ මොකෝ අනේ ඒ?”

සාරා කිසිවක් නොදන්නා තාලෙට ඇසුවද නේශාගෙයි සශීරගෙයි සමීපත්වයට හේතුව ඔවුන් අසල්වැසියන් වීමම නොවන බව වටහාගත්තාය.ඔහු කාර්‍යාලයට එද්දී අනෙක් කිසිවෙක් දෙස නොබලා නේශා දෙසම බලාගෙන එන අයුරු ඇය හොඳින්ම දුටුවාය.

සසර පුරා - Until Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ