28 කොටස

878 62 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼28 කොටස🌼

තාරකගේ නිවසට ගොස් පැමිණි නේශාට ගෙට ගොඩවනවාත් සමඟම මුහුණ දීමට සිදු වූයේ කුසුම්ගේ ප්‍රශ්ණ මාලාවටය.

"අම්මෝ ලොකු අම්මේ...දැන් නම් මුකුත් අහන්න එපෝ.කාලා දැන් නම් මට අමාරුයි"

කුසුම්ට තවත් කතා කරන්නට නොදී නේශා උස් හඬින් පැවසුවේ සිය කුසද පෙන්වමිනි.

"ආ...එහෙමද???හොර කෙල්ල...ඕනවට වඩා සද්දෙ දැම්මොත් දන්නවනේ...අම්මා මට බලේ දීලා තියෙන්නේ"

නේශාගේ මුව ඇද වූයේ බලා සිටිද්දීමය.

"මහ හොඳ නෑ.."

කුසුම්ව මඟහැර නේශා කාමරය තුළට වැදී ඇඳුම් උනා දමා තුවාය ගත පටලවා ගත්තේ ඉක්මනින් පිරිසිදු වීමේ අරමුණෙනි.නමුත් ඊට පෙර ඇගේ ජංගම දුරකථනය නද දෙන්නට වූවේ ඒ සශීර බව සිතා ඇය එය සිනහවකින්ම අතට ගද්දීය.නමුත් ඇමතුම ඔහුගෙන් නොවේ.නව අංකයකින් මේ ඇමතුම ගන්නේ දේවින්ද බව ඇය දැන සිටියාය.

"හෙලෝ දේවින්ද...අනේ ඇයි ඔයා මෙහෙම සැරින් සැරේ කෝල් ගන්නේ??අද සශීර අයියටත් අවුල් ගියා ඔයාගෙ කෝල් එකක් නිසා..."

නේශා එක හුස්මට පවසාගෙන යන්නට වූවේ දේවින්දගෙන් ගැලවීමේ අරමුණෙනි.ඇය ඔහු වෙනුවෙන් කළ හැකි අවසානම උදව්ව කර අවසානය.තව දුරටත් ඔහු සමඟ සබඳතා තබා ගැනීමට ඇය අකැමැතිය.

"දුවේ..."

නමුත් එහා පසින් ඇසුණු හඬට නේශා ගල්ගැසී ගියාය.

"අ..ම්මේ..."

ඇය මිමිණුවේ අපහසුවෙනි.ඒ දේවින්දගේ මවය.ඔහු සමඟ සම්බන්ධය පවතින කාලයේ  නේශා ඇය සමඟ අනන්තවත් දුරකථනයෙන් කතා බහ කර තිබුණි.කීපවරක්ම මුණ ගැසීද තිබුණි.මේ මොහොතේ ඇගෙන් ඇමතුමක් නේශා කිසිසේත්ම අපේක්ෂා නොකළාය.

"අනේ...දුවේ මං කතා කරන එක වදයක්ද?"

"අනේ...නෑ අම්මේ...කියන්න..මං නිකමටවත් හිතුවෙ නෑ අම්මා කෝල් කරයි කියලා"

ඇය පැවසුවේ අවංකවමය.

"මං කොහොම කොතනින් පටන් ගන්නද දුවේ??අපේ එකා කරපු දේ නිසා මට දුවවත් නැති උනා.නම්බුවත් නැති උනා.මට මීට කලින් ඔයාට කතා කරන්න ඕන උනේ.ඒත් මට ලැජ්ජයි මූණ දෙන්න කාටවත්"

සසර පුරා - Until Donde viven las historias. Descúbrelo ahora