2 කොටස

1.3K 90 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌼2 කොටස🌼

පසු දිනට එළි වීමටත් පෙරම කුසුම් නැඟිට හෙන්රි වෙනුවෙන් ආහාර පිළියෙල කිරීමට පටන් ගත්තාය.නේශා එනතුරුම කුසුම්ගේ රාජකාරිය මුලුතැන්ගෙයත් ගෙවත්තත් අතරට පමණක් සීමා වූයේ ඇය ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙද්දීය.නමුත් නේශාගේ පැමිණීමෙන් අමුතු ප්‍රබෝධයක් ලද ඇය නේශා කැමතිම ආහාර පවා පිළියෙල කර හෙන්රි පිටත් වූ පසු පැයක් දෙකක් යනතුරුම ගේ දොරේ වැඩ පළ වල නිරත වූවාය.උදෑසන අටටත් ආසන්න වූවද නේශා නම් සිටියේ තද නින්දකය.පෙර දින රැයේ හිත් තැවුලෙන් ගෙවූ නිදිවර්ජිත හෝරාවන් නිසා ඇය සිටියේ හෙම්බත්වය.නේශාගේ කාමරයට හිස දැමූ කුසුම්ට සිනහවක් නැඟුනේ හතරට පහට වකුටු වී ඇය නිදා සිටිනා ඉරියව්වටය.

"පොඩ්ඩී..නැඟිටින්න.දැන් හොඳටම එළි වෙලා"

කෙඳිරි ගාමින් අනිත් පසට පෙරලුනු නේශා කුසුම්ගේ වදන් ගණන් ගත් බවක් නොපෙනුණි.

"පොඩ්ඩී..."

"තාම නමයටවත් නෑනේ අනේ...තව චුට්ටෙන් නැඟිටින්නම්..."

දෑස් වසාගෙනම කොට්ටයට මූණ ඔබාගෙන නේශා පැවසූ වදන් කුසුම්ට ඇසුනේ කෙඳිරිල්ලක් බඳුවය.නේශා අසලටම ගිය කුසුම් ඇගේ ගත වසාගෙන තිබූ රෝස පැහැති ඇතිරිල්ල ඇද දැමුවේ ක්ශණයකිනි.

"අනේ....ලොකු අම්මා....."

ඉතින් නේශා සිටියේ කුසුම් කළ දෙයින් නොරිස්සුමින් මුව අකුලුවාගෙනය.තාමත් ඒ දෙනෙත් අඩවන් ය.කුසුම් දෙතොල් තද කරගෙන සිනහව වලක්වා ගත්තේ නේශා හිසකෙස් අවුල් කරගෙන සිටිනා අයුරු දැකය.

"ඔය සෙල්ලම් මාත් එක්ක බෑ.ඔය වයසෙ ළමයි ඔහොමත් නිදාගන්නවද?"

"කොයි වයසෙ ළමයත් නිදා ගන්නෙ එකම විදියට තමා..."

දෙනෙත් විවර නොකරම ඕනාවට එපාවට පැවසූ නේශා නැවත මුණින් තලා පෙරලුනේ තාමත් නිදිමත අධිකව දැනෙද්දීය.

"පිස්සි..."

කුසුම් ඊටත් පසුව ඇයට වද දුන්නේ නැත.ඇයට ඇති තරම් නිදන්නට ඉඩ දී කුසුම් නැවත මුලුතැන්ගෙයට වැදුනාය.නේශා අවදි වූයේ ඊටත් පැයකට පමණ පසුවය.ඇඟ මැලි කඩමින් ඈනුමක්ද යවමින් කෑම මේසය වෙත ඇදුනු නේශා පුටුවක් ඇද එහි වාඩි වූයේ මුලුතැන්ගෙය දෙසට බැල්මක් පා කරමිනි.

සසර පුරා - Until Donde viven las historias. Descúbrelo ahora