23 කොටස

1K 63 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️ 

🌼23 කොටස🌼

නිවසට යනතුරුම සශීර නේශාගේ සුරත අත් නොහැරියේය.ඔවුනතර වූයේ නිහඬබවකි.නමුත් ඒ සිත් සහ නෙත් වූයේ දොඩමළුවකය.තනි අතකින් සුක්කානම අල්ලාගෙන වැස්සට තෙත් වූ මාවත දිගේ රිය හසුරවන මේ ආඩම්බර තරුණයා දෙස යුවතිය බලා සිටියේ මඳ සිනහවකිනි.ඇගේ දෙනෙත ඔහු කෙරෙහි වූ ආදරයෙන් පිරී ඉතිරී තිබුණි.සශීරටද ඇගේ බැල්ම නෙත් කොණින් පෙනුණි. 

"මොකෝ...?"

නේශා හිස දෙපසට සැලුවේ ඇගේ සිනහව පුලුල් වෙද්දීය.සශීර ඇගේ පිටි අල්ල මත සියුම් සිපුමක් තැබුවේ ඇය ඔහු දෙසට මඳක් ඇදී යද්දීය.ඔහුගේ සිතටද අමුතුය.නොසිතූ ලෙස සිය සිත ආක්‍රමණය කළ මේ කටකාර යුවතිය කෙරෙහි හැඟුම් රාශියක් ඔහුගේ සිත තුළ විය.පාළු මාවතේම රිය නවතාගෙන නේශාව සිය ඔඩොක්කුවේ තබාගෙනම ඔවුන් දෙදෙනා කාලය ගත කෙරූ අයුරු සශීරට සිහියට ආවේය.දෙදෙනාගේ සිතැඟි තරමක් දුරට බෙදා හදාගත්තේ සියුම් සිපුම් තැබීම් මැදය.ආශිර්වාද වැස්සට සිතින් තුති තබමින් නේශා බොහෝ වේලා ගත කළේ ඔහුගේ තුවාල සියුම්ව පිරිමදිමිනි.සියල්ල හොඳාකාරයෙන් සිදු වූවද දේවින්ද ඉන් නොනැවතීවියැයි බියක් ඇය තුළ විය.

නේශාගේ නිවස ඉදිරියෙන් රිය නතර වෙද්දී රාත්‍රී එකොළහට ආසන්න වී තිබුණි.කුඩා අවන්හලකින් රාත්‍රී ආහාරය ගත් පසු සශීර වේලාව මිඩංගු නොකර ඇයව රැගෙන ආවේ ජයේන්ද්‍රගේ කල්පනාකාරී වත සිහිවීමෙනි.නිවසෙහි ගේට්ටුව වසා තිබුණි.මාවතෙහි විදුලි පහන් එළි දැල් වී තිබුණද එය මිනිසුන් නොගැවසෙන වෙලාවක් විය.තාවකාලිකව හෝ සමුගැනීමක් සිතට බර වැඩි වූයෙන් නේශාට ඉබේටම සුසුමක් හෙලුනි.නේශා රියෙන් බැසගත්තේ ඇගේ දුරකථනයට නිවසින් ඇමතුමක් ආ බව දැනීය.

"හෙලෝ...අම්මා..ඔව්.ඒ අපි ආවේ.."

මානෙල්ට ක්ශණිකව පැවසූ නේශා ඇමතුම විසන්ධි කරද්දී සශීර ඇය ඉදිරියට පැමිණ අවසානය.දැන් කිනම් මොහොතක හෝ ගේට්ටුව කිසිවෙකුගේ හෝ අතින් විවර වන බව දෙදෙනාම දනී.

සසර පුරා - Until Où les histoires vivent. Découvrez maintenant