10 කොටස

961 69 2
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌼10 කොටස🌼

විටින් විට සුසුම් සලන නේශා දෙස සශීර බැල්මකින්වත් ප්‍රතිචාරයක් නොදැක්වූවේය.ඔහුට ඇය ගැන ඇත්තේ තරහකි.ඔවුන්ගේ ගැටලු වලට සම්බන්ධ වීමට අංශු මාත්‍රයක හැඟීමක් නොවූවද දේවින්දගේ හැසිරීම නිසා ඇය අසරණ වූ අයුරු දැක නිහඬව සිටීමට ඔහුට සිත් නුදුන්නේ ය.තාරකගේ සිහි නුවණ ගැන සශීරට ඒ මොහොතේ දැනුනේ පැහැදීමකි.ඇය වන් අනුවණ යුවතියක්ව තාරක ඉවසා සිටීමම අරුමයකි.

තාරකගෙන් සමුගෙන සිය රියට නැඟි සශීර බලා සිටියේ නේශාට මොනවාද පවසන තාරක දෙසය.ඇය හෙරක මෙන් අත් බෑගයත් තුරුලු කරගෙන බිම බලාගෙන ඔහුට ඇහුන්කන් දෙන අයුරුත් පසුව ඇය හිස සලා තාරකගෙන් සමුගන්නා අයුරුත් සශීර බලා සිටියේ නිකටද පිරිමදිමිනි.නේශා රියට නැඟුනු පසු සශීර දෙස බලා තාරක හස්ත මුද්‍රාවෙන් පෙන්වූයේ පසුව ඇමතුමක් ගන්නා බවකි.එයට හිස සැලූ සශීර නිහඬවම රිය ධාවනය ඇරඹුවේ නේශා සිය දෙනෙත් බිමටම බර කරගෙන සිටිද්දීය.එක අතකින් විටින් විට ඇය සිය අත් බාහුව පිරිමදින්නේ දේවින්දගේ ග්‍රහණයෙන් ඇති වූ වේදනාව තරමක් තදින් දැනෙද්දීය.නමුදු සශීර නිහඬය.කුසුම්ගේ නිවස ඉදිරියෙන් රිය නතර වද්දී නේශා ඉක්මනට දෑතින්ම සිය මුහුණ පිස දමා හිසකෙස්ද සකසා ගත්තේ කලබලයෙනි.ඒ කුමක් කළද ඇය හැඬූ බව ඉන් සැඟවිය නොහැක.ඒ දෙනෙතේ වූ රත් පැහැ බව ඇය හැඬූ බවට සාක්ශි දරයි.කුසුම්ට නිකමට හෝ ඉව වැටුනහොත් ඇය ජයේන්ද්‍රට සියල්ල පවසන බව නම් නිසැකයි.එවිට ඇති වන තත්ත්වය ගැන අමුතුවෙන් සිතීමට දෙයක් නැත.එය දෙවැනි ලෝක යුද්ධයකට සමාන වනු නිසැකය.සශීර ඉවසීමෙන් බලා සිටියේ ඇය සිය කාර්‍යය අවසන් කරන තුරුය.ළඟ තිබූ මුහුණ පිසින තෙත කඩදාසියකින් පවා සිය රතු වූ දෙනෙත් මාත්තු කළ නේශා සශීර දෙස බැලුවේ සුසුමකින් ළය පුරවා ගත් පසුවය.

"පොඩි අයියේ....ඔයා...මේ කිසි දෙයක්...අපේ ලොකු අම්මට කියන්න එපා..."

ඇය කළේ ආයාචනයකි.කුසුම් සමඟ මේ දේවල් පැවසීමට ඔහුට කිසිසේත්ම උවමනාවක් නොවීය.නමුත් ඔහු හිස සලා ඇයට එකඟ වූ බවක් පෙන්වීය.ඔහුට අහිංසක සිනහවක් පෙන් වූ නේශා දොර විවර කරන්නට යද්දීම සශීරගේ නෙත ගැටුනේ ඇගේ අත් බාහුව රතු වී ඇති අන්දමයි.

සසර පුරා - Until Wo Geschichten leben. Entdecke jetzt