5 කොටස

934 75 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼5 කොටස🌼

නේශා පසුදින වැඩට ගියද ඇය සිටියේ වෙනමම කල්පනාවකය.ඇගේ මනසේ රැව් දුන්නේම චලනිගේ වදන් ය.කාව විශ්වාස කළ යුතුද කාව අවිශ්වාස කළ යුතුද යන්න ඇයට නොතේරේ.වරද කළේ තමා මෙන් ඒ හිත පසුතැවෙන්නට විය.කිසිවක් කිරීමට හිත ඉඩ නොදෙද්දී ඇය උන්නේ අත රැඳි පෑනත් ඇඟිලි අතර එහාට මෙහාට කරමිනි.ඇගේ කල්පනාබරිත හැසිරීම දුටු පමිත ඇය අසළට ළං වූවේය.

"මොකද බං....ආපු වෙලාවෙ ඉඳන් මූඩ් ගහන් ඉන්නේ?"

සවන අසලම ඇසුණු හඬෙන් ඇය තිගැස්සී ගියාය.පියවි ලොවට පැමිණි නේශා පෑවේ මලානික සිනහවකි.

"මුකුත් නෑ පමිත අයියේ...ටිකක් ඔලුව රිදෙන්න ගත්තා...."

එය මුසාවක්මත් නොවේ.පෙරදා දෙවරක් නාන්න සිදු වීම නිසාත් දේශගුණය මඳක් වෙනස් නිසාත් ඇගේ හිස තිබුණේ බර ගතියෙනි.දොළට වැටුණු මොහොතේ නාසයට වතුර ගියෙන් තාමත් ඇගේ නාසය දැවිල්ලය.

"ඔය බොරු පමිත.මේ කෙල්ල අද ආව වෙලාවෙ ඉඳන් කල්පනා කර කර ඉන්නෙ..ඔලුව කැක්කුමක් නම් වෙන්න බෑ.."

ඒ පැවසුවේ ඔවුන්ගේ කතා බහ අසාගෙන සිටි සාරාය.පමිත නේශා දෙස හැරී බැලුවේ අමුතුවටය.

"ෂුව(ර්) එකටම කොල්ල එක්ක අවුලක්...ආ නැද්ද කියපන්..."

පමිත විහිලුවෙන් මෙන් පැවසුවාට සත්‍යද එයය.ඇගේ මේ හිත තැවෙන්නේ ඇගේ ආදරය වෙනුවෙනි.ඉතින් නොදැනුවත්වම වුවද ඔහුගේ වදන් ඇගේ හිත රිදවූවේය.

"මට කොල්ලෙක් නෑ"

ඇය පැවසුවේ දේවින්දගේ මතකය හිත තව තවත් පාරවද්දීය.

"අනේ පලයන් බොරු නොකියා...."

"මේකිගෙ බොරු නේන්නම්...මෙච්චර ලස්සනට බෝනික්කි වගේ ඉද්දි කොල්ලෙක් නෑ කිව්වොත් තමා පුදුමෙ..නැද්ද පමිත?"

ඔවුන්ට කැමති දෙයක් හිතාගන්නට දී නේශා නිහඬ විය.මෙතරම් ආදරය කෙරූ කෙනා ඇගේම මිතුරිය සමඟින් එකතු වී තමාව රැවටූ බව අලුත් මිතුරන් ඉදිරියේ පැවසීමට ඇයට සිත් නොදේ.දවසේ ඉතුරු පැය ගාණත් ඔහේ ගෙවී යද්දී නේශා තනිකමේ පතුලටම ඇදී ගියා මිසක් ඒ හිතට සැනසීමක් නම් නොදැනුනු තරම් ය.චලනිගේ වදන් ඒ තරමටම ඇගේ මනසේ තැන්පත් වී තිබුණි.දේවින්ද පවා ඇය කීප සැරයක් ඇමතුම් ගෙන තිබුනද ඇය ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වීය.ඒ තරමටම ඇගේ මනස පීඩා විඳිමින් තිබුණි.

සසර පුරා - Until Hikayelerin yaşadığı yer. Şimdi keşfedin