29 කොටස

959 64 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️ 

🌼29 කොටස🌼

කාර්‍යාලයේදී චලනිව හමු වූ බව නේශා සශීරට පැවසුවේ දවස අවසානයේ නිදාගැනීමට සයනයට ආ පසුවය.කාර්‍යාලයේ සිදු වූ දේ ආරියතිලක දැනගන්නා බැව් දන්නා නිසාම නේශා එය සශීරට පැවසුවේ එය ඔහු තාරකගෙන් දැනගැනීමට ප්‍රථමවය.

ඇමතුම විසන්ධි කළ පසු සශීර කල්පනා කළේ චලනි ඔහුට පැවසූ දේය.ඇය හැපින්නක් වැනි චරිතයකි.නේශාව අහම්බෙන් මුණ ගැසී චලනි පැවසූ වදන් නේශා ගණන් නොගත්තද ඇය කුමක්ම හෝ කරාවි යැයි බියක් ඔහුට දැනුණි.

ඇඳුම් කිහිපයක් කුඩා ගමන් මල්ලට දමාගත් සශීර සූදානම් වන්නට වූයේ හිතට අමුතු ගැස්මක් දැනෙද්දීය.පසුදින උදෑසනම විශාන් සමඟ ඔහුගේ ජා ඇළ නිවසට යා යුතුය.ඊට පසු නේශාගේ දෙමාපියන්ව මුණගැසී කතා කළ යුතුවද තිබුණි.මේ අමුතු ගැස්මද ඒ නිසාය.සියල්ලක්ම හොඳින් සිදු වන බව ඔහුට විශ්වාසය.ජයේන්ද්‍රගේ මේ ඍජු බවට සශීර කැමතිය.හැංඟි හොරා තව දුරටත් කිසිවක් විය යුතු නැත.

........💛........ RITHU    SAKURA .......💛........

කැඩපත ඉදිරියට වී හැඩ බැලූ නේශා සිටියේ තෘප්තිමත්වය.සශීර දුන් රෙදි පිළිය කුසුම් මනාවට හැඩ දමා මසා තිබුණි.එහි පැහැයත් මල් රටාවත් ගවුම මසා තිබූ විලාසිතාවත් නේශාට මනාවට ගැළපුණි.

"මාත් මහ ගන්නවා ලොකු අම්මට කියලා ඩ්‍රෙස් එකක්.මේකත් ඔය හැඩට මහලා තියෙන්නේ..."

නේශා සමඟ කාමරයට වී සාරියක් අඳිමින් සිටි ඉමායා පවසද්දී සිය දියණියන් දෙදෙනා හැඩවන අයුරු බලා සිටි මානෙල්ද එයට හිස සැලීය.

"අක්කගෙ මැහුම් කොහොමත් ලස්සනයි...හැබැයි මේ වගේ මැටීරියල් හොයා ගන්න ටිකක් අමාරුයි"

මානෙල් පවසද්දී නේශාගේ මුවේ මැවුනේ පියකරු සිනහවකි.එය තෝරා තිබුණේ සශීරය.එහි සැබෑ අයිතිකාරිය හිරූ වූවද තේරීම සශීරගේය.

"ඔන්න...අම්මා ඒ නොකියා කිව්වෙ පොඩි බෑනා හොඳයි කියලා...මෙහෙ එන්න කලින්ම හිතට වැදිලා වගේ"

සසර පුරා - Until Opowieści tętniące życiem. Odkryj je teraz