Special epi 1

1.1K 67 1
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌼විශේෂ කොටස - 1🌼

සශීරටයි නේශාටයි ආදරය කරන අය වෙනුවෙන්
💛💛💛

"සසර පුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන් හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුලු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ

සසර පුරා මුතු පද අමුණා..."

වින්ඩි ගුණතිලකගේ සහ සනුක වික්‍රමසිංහගේ හඬින් ගැයෙන මියුරු ගීතය උකුල් පරිඝණකයේ වාදනය වෙමින් තිබුණි.එහි තිරයේ සශීරගේත් නේශාගේත් විවාහ මංගල්‍ය උත්සවයේ සොඳුරු දසුන් කිහිපයක් දර්ශනය වන්නට විය.කිසිවෙකුත් නොවූ ආලින්දයේ සෝෆාවක් මත වූ උකුල් පරිඝණකය දෙසට ඇවිද ආ රුව එය වසා දැමුවේ විමසුම් සහගත බැල්මක් නිවස තුළට හෙළීමෙන් අනතුරුවය.ඉන්පසු නිවස තුළ පැතිරුණේ නිහඬ බවකි.අත වූ රස කැවිලි වර්ග කිහිපයක් දැමූ කුඩා බෑගය ස්ටූලය මතින් තැබූ ඔහු ගෙල පැළඳි ටයි ගැටය ලිහිල් කරන්නට වූවේය.

"අම්මේ.."

සශීර තරමක් හඬින් ඇසුවේ නිවසේ මේ නිහඬ බව අසාමාන්‍ය වූ නිසාවෙනි.නමුත් ප්‍රතිචාරයක් නැත.

"නේශා...කොහෙද ඔයාලා?"

ඔහු සිය කාමරයට එබුනේය.නමුත් ඇයද පෙනෙන්නට නැත.සශීර එවර මුළුතැන්ගෙට ඇදුනේ කිසිවෙකු හෝ එහි සිටිනා බවට සිත කී නිසාය.මුළුතැන්ගෙයින් එළියට විවර වන ද්වාරය අසල නතර වූ සශීර විමසිල්ලෙන් බලා සිටියේ එළියෙහි වූ කුඩා මඩුවෙහි හාන්සි පුටුවට වී නිදන එදිරිසිංහ දෙසය.ඔහුගේ මුහුණ අසලටම බර දී බංකුවක් උඩට නැඟගෙන සිටින කුඩා දැරිය අතෙහි වූයේ කලු පැහැති මාකර් පෑනකි.මුව අගින් සිනහවක් පෑ සශීර හොරෙකු මෙන් ඇවිද ගොස් ඇය අසලින් සිටගත්තේය.දැරිය තමා පසුපසින් කිසිවෙකු සිටින බවක් නොදැනෙන තරමටම කල්පනාවේ නිමග්න වී සිටියාය.ඇගේ කුඩා සුරතින් එවර එදිරිසිංහගේ කුස මත යමක් ලියන්නට යද්දීම සශීර ඇගේ අත අල්ලාගත්තේ අනෙක් අතින් දැරියගේ මුව ආවරණය කරමිනි.

සසර පුරා - Until Hikayelerin yaşadığı yer. Şimdi keşfedin