15 කොටස

1K 69 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼15 කොටස🌼

මානෙල් පැමිණියේ දින කිහිපයකට පමණි.ජයේන්ද්‍ර නිවසේ තනිවම නිසා වැඩි දිනක් රත්නපුර නිවසේ ගත කිරීමට ආසාවක් තිබුණද එය කිරීමට ඇයට නොහැකි වූවේය.නමුත් නේශාගේ බල කිරීමටම ඉමායා තව දිනක් එහි රැඳීමට තීරණය කළාය.

"දැන් ඔයා එහෙට එන්නෙම නැද්ද?"

මානෙල් පිටත් වූ දිනයේ රාත්‍රියේ ඉමායා ඇසුවේ නේශාගෙනි.එයට නිසි පිළිතුරක් ඇයද නොදැන සිටියාය.

"අනේ මන්දා...පුලුවන් තරම් කාලයක් මෙහෙ ඉන්නවා.මේක පිට ගෙයක් නෙමේනෙ මට"

"ඔව්...ඒත්...හැමදාම මෙහෙ ඉන්න බෑනෙ...තාත්තාටත් තමුසෙ නැතිව අවුල්.ගෙදරම පාලුයිලු"

"පාලුයි නම් එන්න එපැයි මාව බලන්න..."

නේශා මිමිණුවේ නොරිස්සුම මුසු වූ පහත් හඬිනි.

"එහෙ වැඩ දාලා එන්න විදියක් නෑ කිව්වා.."

දෙදෙනා අතර වූයේ මඳ නිහඬබවකි.

"මේ අක්කේ...මං හෙට නිවාඩුවක් දාන්නද?"

"ඒ මොකටද?"

ඉමායා ඇසුවේ සයනයේ වැතිරී සිටින නේශා දෙසට බැල්මක් හෙළාය.

"තමුසෙ හෙට හවස යනවනෙ.එතකන් අරෙහෙ ඇලෙන් නාලා පොඩ්ඩක් මෙහෙ ඇවිදිමු"

ඉන්දුගේ නිවස පිටුපසින් ගලා යන ඇළ ගැන ඉමායාට සිහි වූයේ එවිටය.කුඩා කල ඇවිද ගිය ඉසව් නැවත දැකබලා ගැනීමේ ආසාවක් ඇයටද දැනුණි.

"හා..ඒක නම් මරු වැඩේ..මට අමතක වෙලයි තිබුනේ.ඒක නෙමේ පොඩ්ඩි.මං අහන්නමයි උන්නේ.දේවින්ද...ආයෙ කතා කලේ නැද්ද?"

ඉමායා ඇසුවේ හදිසියේ එය සිහි වූ නිසාය.නේශා සිය නළල රැලිකරගත්තාය.කතා කළාට වඩා වැඩි යමක් දේවින්ද සමඟ සිදු වූ බව දන්නේ ඇයත් සශීරත් තාරකත් පමණි.ඉමායාට කිසිවක් සැඟවීමට සිත් නොදුන් ඇය වදනින් වදන අමුණා සියල්ල පැවසුවේ ඉමායාගේ දෙනෙත් දෙසවත් නොබලාය.නොදුටුවද ඇය සිටින්නේ කෝපයෙන් බව ඇය දනී.

සසර පුරා - Until Hikayelerin yaşadığı yer. Şimdi keşfedin