24 කොටස

1.1K 62 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️ 

🌼24 කොටස🌼

ඒ කෙටි පණිවිඩය එවා තිබුණේ දේවින්දය.ඔහු කෙසේ හෝ සිය අංකය සොයාගෙනය.ඔහු එය සොයාගත් ආකාරය ගැන වද වෙනවාට වඩා වද විය යුතු බරපතල කරුණක් ඔහුගේ පණිවිඩයේ විය.

“සුදූ..මගේ අතින් ලොකු වැරැද්දක් උනා.චලනිගෙ දරුවා මගෙ අතින් නැති උනා.මං ඒක හිතලා නෙමේ කළේ.ඔයා විතරයි ඉන්නේ මට උදව් කරන්න.මේක දැක්ක ගමන් මට කෝල් කරන්න.ප්ලීස්..”

ඔහු එය කලබලයෙන් එවා තිබුණු බවට වැරදුනු ඉංග්‍රීසි අකුරු සාක්ශි දැරීය.

“දෙයියනේ...චලනිගෙ බබා…”

නේශාට හීල්ලුනි.චලනි ඇයව සොයාගෙනම පැමිණ පැවසූ දෙය සැබෑවක් වූවායි ඇයට විශ්වාස කළ නොහැකිය.සිදු වූයේ සිදුවන්නට එපා යැයි ප්‍රාර්ථනා කළ දෙයමය.දේවින්ද එලෙස කරාවි යැයි නේශා කිසිදිනෙක නොසිතුවාය.එය කවදා කෙලෙස සිදුවූවා දැයි අදහාගත නොහැකිව කල් මැරූ නේශා සිය ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර දැමුවේ ඔහුගෙන් නැවත ඇමතුමක් ඒවි යැයි බියෙනි.චලනිගේ සාප කිරීම ඇගේ සිහියට ආවේය.දේවින්දව මුණ ගැසුණු මොහොතක පවා ඇය ඉල්ලුවේ චලනි සමඟ එකතු වන ලෙසය.ඔහුගේ දරුවාව බාරගන්නා ලෙසය.නමුත් ඔහු සිය ලේ කැටිය මරා දැමීමට තරම් හිතක් පපුවක් රහිත ඇත්තෙකු වූයේ කෙසේද?චලනි වියරු වැටී ඇතුවාට සැක නැත.

කාර්‍යාලයේ ඇය වැඩ කළේ කෙසේදැයි ඇයට සිහි නැත.තාරක සමඟ රාජකාරියට ගිය මොහොතේද ඇය සිටියේ වෙනමම ලොවකය.මේ දේවල් සිදුවූයේ කෙසේදැයි දැනගැනීමට නේශාට අවශ්‍ය විය.

'ඔයා මොනාද දේවින්ද මේ කර ගෙන තියෙන්නේ?'

ඇය සිතුවේ රිදුම් දෙන හිස අල්ලාගෙනය.ඔහුට තවදුරටත් ආදරය නොකළද ආදරය කළ සිතින් වෛර කරන්නට ඇයට නොහැකිය.ඇයට දේවින්ද ගැන දැනුණේ අනුකම්පාවකි.දුකකි.ඔහු මෙලෙසින් අතරමං නොවිය යුතු වටිනා තරුණයෙකි.

“මොකද බං?මොකක් හරි ප්‍රශ්ණයක්ද?”

සාරා ඇසුවේ නේශාගේ හිනා පොදක් නැති උවන දෙස බලාගෙනය.කුමනාකාරයේ සිත් රිදවීමක් තිබුණද ඇය කවදත් සිටියේ සිනාමුසුවය.එ නිසා නේශාගේ මේ වෙනස ඇගේ සමීපතමයන්ට තදින්ම දැනුණි.

සසර පුරා - Until Hikayelerin yaşadığı yer. Şimdi keşfedin