Special epi 2

1.4K 88 30
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

🌼විශේෂ කොටස - 2🌼

දින සති ගෙවී ගියේය.නේශාගේත් සශීරගේත් කැදැල්ල පුංචි දරු දෙදෙනාත් සමඟ සතුටින් පිරී තිබුණි.සශීර බලා සිටියේ පිනි ජම්බු ගසේ බැඳ තිබූ කුඩා ඔංචිල්ලාවේ වාඩි වී සෙල්ලම් කරන හිරූ දෙසය.දේව් ජම්බූ ගසේ අත්තේ එල්ලීම වළකණු පිණිස එහි ඔංචිල්ලාවක් බැඳීමට අදහස් කළේ ද සශීරය.නමුත් දැන් එය බෙදා ගැනීමට නොහැකිව අයියයි නංගියි අතර ඇත්තේ වෙනම රණ්ඩුවකි.අද සාමකාමීව ඔංචිල්ලාව බෙදාගෙන ඇත්තේ ඔවුන් අසලම සමීරගේ පුතනුවන් දෙදෙනා සිටින බැවිණි.පුංචි හිරූට අඩත්තේට්ටම් කිරීමට ඔවුන් දේව්ට ඉඩ දෙන්නේ නැත.ඔවුන් දෙදෙනාගේ පුංචි හුරතලිය හිරූය.ඉතින් දේව්ට සෑම සෙල්ලමකදීම පරාජය භාර ගැනීමට සිදු වූවද නුවණැති හිරූ කිසි විටෙක සිය සහෝදරයාව තනි කරන්නේ නැත.සශීරට සිනහවක් නැඟුනේ සිය කුඩා කළ සිහි වීමෙනි.දේව්ට සිදු වී ඇත්තේ කුඩා කළ තමාට සිදු වූ දේමය.දේව් සිටින්නේ සිය වැඩිමහල් සහෝදරයන් දෙදෙනාට හොරෙන් රවමිනි.

සශීරගේ සිහියට ආවේ ඔවුන් දෙදෙනාව රෝහලේදි මුලින්ම අතට ගත් දිනයය.කුසුම්ගේ කීම සනාථ කරමින් නේශාගේ කුසේ නිවුන් දරුවන් දෙදෙනෙකු වැඩෙමින් තිබුණි.ඇගේ වෙලාවේ එය සඳහන්ව තිබූ බව ඇය කීපවරක්ම පවසා තිබුණද සශීර එය විශ්වාස කළේ ස්කෑන් පරීක්ෂණයෙන් එය සනාථ වූ දිනයේදීය.එදින නේශාටත් හොරා නෙතට ඉනූ කඳුලු බිඳු පිස දැමූ අයුරු ඔහු සිහි කළේය.ඊටත් මාස කිහිපයකට පසුව කෙරූ පරීක්ෂණයකදී දුවෙකුත් පුතෙකුත් ලැබීමට සිටින බව දැනගත් පසු ඔහුට දැනුනේ රටක් රාජ්‍යයක් ලැබුණු බවකි.

"පොඩි අයියේ..තරහා ගන්නෙ නැත්තම් දෙයක් ඉල්ලන්නද?"

"හ්ම්ම්..ඉල්ලන්න බලන්න"

එදින රාත්‍රියේ සයනයට වී නේශාව තුරුලට ගෙන සිටි මොහොතක නේශා ඇසුවේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි.

"අපි දුවගෙ පළවෙනි නමට හිරූ කියලා දාමුද?"

සිය හුස්ම ද හිර වන බවක් සශීරට එදින දැනුණි.එවැන්නක් ඔහු සිහිනෙන්වත් නොසිතුවේය.ඇගේ ආයාචනාත්මක බැල්ම හමුවේ සශීරට එය ප්‍රතික්ශේප කළ නොහැකි විය.ඇගේ නළලත සිඹ එය ඔහු පිළිගත්තේ නේශා සිහින් සිනහවක් පාද්දීය.

සසර පුරා - Until Donde viven las historias. Descúbrelo ahora