19 කොටස

1K 74 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️ 

🌼19 කොටස🌼

හිරූගේ ගවුම නේශාගේ සිරුරට මනාව ගැළපී තිබුණි.නමුත් එහි සැබෑ අයිතිකාරිය මෙලොව නොමැති බව සිහි වී අමුතුම හැඟීමකින් ඇගේ සිත පිරී යන්නට විය.නොදැනීම සිත බර වෙද්දී නේශා තේ ඉහිරුණු සිය ඇඳුම නවා දමා ඇගේ ගමන් මල්ලෙහි කොණකින් දැමුවේ නිවසටම ගොස් පිරිසුදු කරගැනීමේ අරමුණිනි.හිරූගේ කාමරයෙන් ඉවතට යන්නට අවශ්‍ය වූවද ඇය නැවතත් ඇගේ ඡායාරූප අතර අතරමං විය.ඒ සෑම රූපයක් වෙතටම සිය නෙතු යොමු කළ නේශාගේ දෙනෙත් මොහොතකට සශීර වෙත යොමු විය.ඔහු සිටින්නේ සතුටිනි.ඇගේ සුරතෙහි වෙලී ඇති ඔහුගේ හස්තයත් ඒ පපුවට හිස තබා සිනහවකින් බලා සිටිනා හිරූ දෙසත් නේශා මාරුවෙන් මාරුවට බැලීය.ඇයට සිහි වූයේ එන අතරතුර සශීර සිය අතැඟිලි අතර ඔහුගේ අතැඟිලි යවා ඒ ගතටම තමාව ළං කරගත් අයුරුය.හිරූ ද ඔහුගේ උණුසුමේ අනන්තවත් සැනසෙන්නට ඇත.ඉතින් ඒ පිරිමි පපුවෙන් හිරූව ඉවත් කර තමාට ලැඟුම් ගන්නට ඉඩ දේවි යැයි නේශාට විශ්වාස නැත.නමුත් ඔහුගේ හැසිරීම?

ටික දිනක සිට ඔහු ඇය වෙත පාන්නේ අයිතිවාසිකමකි.ඔහුගේ රැවුම් ගෙරවුම් වල පවා තිබුණේ ආදරණීය බවකි.නේශා සිටියේ විපක්ශිතවය.ඔහුගේ සිතට රිංඟා ඒ සිතේ තමා සිටින්නේ කොතැනකදැයි බැලීමට තරම් උමතුවක් නේශාට දැනුණි.සශීරගේත් හිරූගේත් රුව මතින් ඇය නෙතු මුදවාගත්තේ එබැවිනි.පිළිවෙලට ඇති කුටිය තුළ ඇවිද බැලූ නේශා විශාල් පොත් සංඛ්‍යාවකින් පිරී තිබුණු මේසයත් පොත් රාක්කයත් දෙසට ඇවිද ගියාය.මේසය මත වූ පොත් බොහොමයක් ඇය හැදැරූ විශයට අදාල ඒවාය.නේශා ඒවා පෙරළා බැලුවේ අතරින් පතරය.ඇය බොහෝ දුර ඉගෙනගත් අයෙකුයැයි නේශාට වැටහුණි.ඒවායෙහි දශමයක හෝ දූවිල්ලක් නොබැඳී තිබුණේ කරුණා හෝ තරුශිකා හිරූගේ කාමරය නිතරම පාහේ පරිහරණය කළ බැවිණි.රාක්කයේ මුල්ම තට්ටුවෙහි වූයේ හිරූ පාසල් කාලයේදි ලබා ගත් පදක්කම් සහ සම්මාන කිහිපයකි.ඊට යටින් වූ තට්ටු කිහිපය ඉඩක් නොතබාම පොත් වලින් පිරී තිබුණි.ඇය නිකමට මෙන් ඉන් එකක් ඇද බැලුවේ එය පොතකට වඩා වෙනස් ස්වරූපයක් බව සිහි වීමෙනි.එය ඇල්බමයකි.හිරූගේ ඡායාරූප බැලීමේ උවමනාවෙන් එය අතට ගත්තද ඒත් සමඟම පොත් කිහිපයක් බිම වැටුණේ තරමක හඬක් නඟමිනි.

සසර පුරා - Until Hikayelerin yaşadığı yer. Şimdi keşfedin