6 කොටස

898 70 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼6 කොටස🌼

අවමංගල්‍යය උත්සවයට සහභාගී වූ සශීර නිවසට පැමිණියේ තනිවමය.ඉන්දු සහ එදිරිසිංහ අවමංගල්‍යයේ සියලුම කටයුතු අවසන්ව අසල්වැසියෙකු සමඟ පැමිණෙනවා යැයි පැවසූ නිසාත් තවත් එහි රැඳෙන්නට තිබූ අකැමැත්ත නිසාත් සශීර ද සමීර පිට වී සුලු මොහොතකින් එයින් පිටත් වූයේ නැති මහන්සියක් මවා පෙන්වමිනි.පියාට රථය බාර දී සමීර සමඟම පිටත් නොවූයේ අපරාදේ යැයි ඔහුට සිතුණේ තනිවම යද්දී දැනුණු නිදිමත තරමක් තදින් දැනෙද්දීය.සමීර සිටියේ නම් ඔහු සමඟ කතා කර කර යන්නට තිබුණි.

සමීර ආ යතුරු පැදියට එහා පසින් කාරය නතර කර බැසගත් සශීර ඉක්මන් ගමනින් කාමරයට ගියේ හැකි ඉක්මනින් නාගෙන සැහැල්ලු ඇඳුමකට මාරු වීමේ අපේක්ශාවෙනි.ඔහු යනව්ටත් කාමරයේ දොර විවරව තිබූ බැවින් ඔහු කාමරය තුළට එබී බැලුවේ කුහුලෙනි.දොර දෙසට පිටුපා සිටින නේශාව ඔහුගේ නෙත ගැටුනේ කිසිම පමාවකින් තොරවය.ඉතින් දෙනෙත් රතු වී කෝප ගැනීමට තරම් ඔහුට එය ප්‍රමාණවත්‍ ය.

"තමුන් මොකද මගෙ කාමරේ කරන්නෙ?"

සශීරගේ ගැඹුරු වූත් උස් වූත් හඬ කාමරය පුරා දෝංකාර දුන්නේ නිහඬබව ඇසිල්ලකින් මරා දමමිනි.ඒ හඬට තිගැස්සුනු නේශා ඔහු දෙසට හැරුනේත් ඇගේ අතෙහි වූ ඡායාරූපය බිම වැටුනේත් එකටමය.

සලාංං...

බිම වැටී වීදුරුව බිඳුනු හඬට නේශාටත් වඩා තිගැස්සී ගියේ සශීරවය.ඇය දෑතින්ම මුව වසාගත්තේ මෙවර නම් සශීරගෙන් ගැලවීමක් නොමැති බව වටහාගෙනය.බිම වැටුනේ කුමක්දැයි බැලීමට අඩියට දෙකට කාමරයට ආ සශීරගේ නෙත ගැටුනේ බිම වැටී තිබුණු ඡායාරූපය ය.ඔහු නැමී එය අතට ගත්තේ අසිහියෙන් මෙනි.

"පොඩි අයියේ....අනේ මට සමාවෙන්න.මං ඒක හිතල වැට්ටුවෙ නෑ..."

එවදන් මුවින් පිට වූයේ කෙසේදැයිවත් නේශාට නිච්චියක් නැත.හදවත තිබුණේ වේගයෙන් ගැහෙමිනි.ඇගේ දෑත් පවා වෙව්ලන්නට විය.සශීරට මුහුණ ලා බිමට නැමුනු නේශා බිම විසිරී තිබුණු වීදුරු කැබලි ඇහිදීමට පටන් ගත්තේ වෙව්ලන දෑත් වලිනි.

සසර පුරා - Until Tahanan ng mga kuwento. Tumuklas ngayon