තෙවන කොටස

1.8K 346 56
                                    

කමෙන්ට් ගෝල් - 40

"ටේහ්‍යුන් ඈ බොහෝ සුරතල්. මහරජු සේමයි ඒ දෑස් නම්"

ඔමේගා ජිමින් සුරතල් බිලින්දියගේ මුහුණ සිප ගනිද්දී ඈ ඔමේගා ජිමින් දෙස දෑස් විසල් කොට බලා සිටියදී ඔහු ඈ සමග සිනා සුනා. සිය දරුවා සමග කුටියේ සිටි ඔමේගා ටේහ්‍යුන් බැලීමට ඔමේගා ජිමින් පැමිණෙද්දී ටේහ්‍යුන් කොතරම් කෝපයෙන් ජිමින් සමග සිටියත් , ඔහු දුටු විට ටේහ්‍යුන් ගේ කෝපය මිත්‍රත්වයෙන් වසා ගත්තා. එසේම ජන්කුක් ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය ඔමේගා ජිමින්ගෙ වරදක් නොවන වගත් ටේහ්‍යුන් හොඳින්ම දැන සිටියෙන් ඔහුට ජිමින් හට වෛර කිරීමට හේතුවක් තිබුනේ නැහැ.




"මට හැඟෙනවා දිනෙක ඈ රාජ්‍යයේ දක්ෂතම රණශූරිය වේවි. ටේෂු කුමරු මහ රජු වද්දී ඈ ඔහුගේ සුරත වේවි නොවෙද?  විශ්වාසයි මාගේ ක්වාන් කුමරුද ඔවුන් දෙදෙනාට උපකාර කරාවි. නොවෙද ඔමේගා?"

ජිමින් සිනා මවමින් ඈත බලාගෙන පවසද්දී ඔහුගෙ සිහිය බොහෝ දුර ගොස් තිබෙනු දුටු ටේහ්‍යුන්ට සිනා ගියා. ඉදිරිය පිලිබඳව සිහින මැවීම ජිමින්ගෙ ගති ලක්ෂණයක් බව දැන සිටි ටේහ්‍යුන් ඔහු එයට ප්‍රිය කරන වගත් ඔහු හොඳින්ම දැන සිටියා.

ජිමින් දෙස බලා යමක් කීමට සැරසුනත් , ටේහ්‍යුන් නතර වූයේ කුටියට කුඩා හිසක් එබුනු නිසා. ටේහ්‍යුන් ගේ මුවේ සිය වැඩිමල් පුතු රාජකුමාර ටේෂු දුටු විට සිනහවක් ඇඳෙද්දී ඔහු , කුමරු දෙස බලා සිනා වූවා. සිය සැමියා මහරජු ජන්කුක් ගේම කුඩා ආකෘතියක් වූ කුමරු දක්ෂ හා කඩිසර කඩවසම් දරුවෙකු වූවා.



"පැමිණෙන්න කුමරුනි"

ටේහ්‍යුන් පවසද්දී ඔහු ටේහ්‍යුන් වෙත දිව එද්දී ඔහු තමා දෙසට එන්නේ යැයි බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලා සිටියත් කුමරු ටේහ්‍යුන්ව නොසලකා කෙලින්ම දිව ගොස් ඔමේගා ජිමින් වැලඳ ගනිද්දී ටේහ්‍යුන් දෙතොල් සපා ගත්තා.



"කොහිද ක්වාන්...?"

ටේෂු කුමරු ඔමේගා ජිමින් සමග සුරතල් වෙමින් ඇසුවේ ජිමින් ගේ එක් හැවිරිදි පුත් කුමරු පිළිබඳවයි.


You Are My Alpha | TK ✓Where stories live. Discover now