කමෙන්ට් ගෝල් 30
ටේහ්‍යුන් සිය බිලින්දියට ක්ෂීරය දෙමින් සිටියා. ඔහු නිළයෙන් පහ කොට මාසයක් ගත වී තිබුණු අතර සාමාන්‍යය දරුවන් මෙන් නොව අර්ධ වෘක දරුවන්ගෙ වැඩීම සෙමින් සිදු වන්නක් නිසා ටේහ්‍යුන් ගෙ ගැබ් මෝරා හෝ කුඩා අයිජූන් කුමරිය එතරම් වැඩී තිබුණෙ නැහැ. ගත උනු සෑම දිනකම ටේහ්‍යුන් තනිවම කුටියට වී කාලය ගත කල අතර කිසිවෙකු හෝ ඔහුව මුණ ගැසුනේ නැති අතර , ඔහුට අන්තඃපුර ඔමේගාවන්ගෙ පාළුව හා වේදනාව දැනෙමින් තිබුනා
ඔහු හිමිහිට නිදි කිරා වැටෙද්දී අයිජූන් කුමරිය තොටිල්ලෙන් තැබූ ඔහු සිය සලු වලින් පපුව වසාගෙන සයනේ හාන්සි වීමට ගියත් වේගවත්ව විවර උන ද්වාරය නිසා ටේහ්‍යුන් ගැස්සී අවධි වූවා.
"ම...මගෙ පුතා..."
ටේහ්‍යුන් මිමිණූවෙ ඔහු ඉදිරියෙ සිටි ටේෂු කුමරු දැක. කලබලයෙන් සයනයෙන් නැගී සිටි ඔහු ටේෂු වෙතට දිව ගියෙ ඔහුව වැලඳ ගැනීමේ අදහසින්.
"මා ස්පර්ශ කරන්න එපා ඔමේගා. මා නිලයෙන් ඔබට වඩා උසස්!! අනෙක් අතින් ඔබේ ස්පර්ශයත් මා හට අප්‍රසන්නයි"
ටේෂු කුමරු පවසද්දී දිව ආ ඔමේගා එලෙසම දණින් වැටුනෙ ටේෂු කුමරු දෙස දෑස් වල කඳුලු පුරවාගෙන බලාගෙන. එහෙත් මොහොතකින් යළි සිනාවක් නගා ගත් ඔහු ටේෂු කුමරු දෙස බැලුවා.
"ඔ.... ඔබට ක්ෂීරය අවශ්‍යද කුමරුනි? ඔබ ප්රියයිනෙ?"
ටේහ්‍යුන් තෙපලද්දී මොහොතක් ඔහු දෙස බලා සිටි ටේෂු කුමරු සුසුමක් හෙළා වෙනතකට දෑස් යොමා ගත්තා.
" තව සතියකින් රාජකීය ඇල්ෆාවන්ගෙ තරඟය පැවැත්වෙනවා. මාද එයට සහභාගී වනවා. පියාණන් නියෝග කළා එය ඔබට දන්වන ලෙස"
ටේෂු පවසද්දී ඔමේගා ටේහ්‍යුන් ඔහු දෙස බලා සිටියෙ ආඩම්බරයෙන්. ඔහුගෙ දෑසට කඳුලු පිරෙද්දී ඔමේගා ටේහ්‍යුන් හිමිහිට බිම බලා ගත්තා.
"පපාට ඔබ ගැ...ගැන බොහෝ ආඩම්බරයි කු..කුමරුනි"
ටේහ්‍යුන් පවසද්දී ටේෂු වේගවත් සුසුමක් ඉහලට ඇද වෙනතක් බලා ගත්තා. ඔමේගා ටේහ්‍යුන් හට ඔහුව වැලඳ ගැනීමට දැඩි ආශාවක් ආවත් ඒ ආශාව ආයාසයෙන් යටපත් කර ගත් ඔහු ටේෂු කුමරු දෙස අඩම්බරයෙන් බලා ඉන්නට වූවා. මොහොතක් එතැන වෙනතක් බලා සිටි ටේෂු කුමරු එතැනින් ඉවතට ඇවිදගෙන යන්නට වූවා.

YOU ARE READING
You Are My Alpha | TK ✓
Fanfictionදෙතැනක නතර උන පෙම් කතාවක් alpha X omega male pregnancy mature content Started date - 11 Feb 2023 Completed - 01 May 2023