දහ අටවන කොටස

1.2K 272 76
                                    

කමෙන්ට් ගෝල් 30

ටේහ්‍යුන් එලෙසම ගල් ගැසී කල්පනා කරමින් සිටියා. ඔහුගෙ මනසේ දිනය පුරාම රැඳුනේ සේවිකා සේහා ඔහුට දුන් අදහස තමා ක්‍රියාත්මක කරන්නට අණ කල වග. තමා ජන්කුක් ගෙන් යලිත් වරක් ගැබ් ගෙන ඇති වග ටේහ්‍යුන් දැන ගත්තත් ඔහුට අවැසි වූයේ නැහැ ජන්කුක් ට ඒ බව සැල කර සිටින්නට. ඔහු බිය වූවා තමාගෙ තෙවැනි දරුවාද තමාගෙන් වෙන් වෙයි කියා. ඔහුට අවැසි වූ එකම කරුණ නම් ඔමේගා ජිමින් ඔහුගෙ මාර්ගයෙන් ඉවත් කිරීම වුවත් ඔහුට සිය මිතුරා සේම ඔහු දැක තිබෙන කරුණාවන්තම පුද්ගලයාව මරා දැමීමට අවශ්‍ය වූයේ නැහැ.

ඒ අනුව සේවිකා සේහා දුන් අදහස ටේහ්‍යුන් කල්පනා කරමින් සිටියා.

වුල්ෆ්බේන් ශාකයේ ශාක පත්‍ර~ අතිශය දරුණු අර්ධ වෘක ශක්තියක් ලබා දෙන ඖෂධ විශේෂයක් වන අතර ඒ ඖෂධය රාජ්‍යයේ තහනම් ඖෂධයක් වුවත් නගරයේ වෙළඳ සැල් කීපයකම එම ඖෂධය ඉතා රහසේ විකුණන වග සේවිකා සේහා දැන සිටියා. මෙම ඖෂධය ළඟ තබාගෙන අසු වුවහොත් ඔහුට හෝ ඇයට ඉතා දැඩි දඩුවම් රාජ්‍යයෙ නීති ප්‍රකාරව හිමි වන අතර රාජකීයෙක් හට මෙය සිදුකලොත් ඔහුව නිලයෙන් පහකිරීම සිදු කරනු ලබනවා.

සේවිකා සේහා ගෙ යෝජනාව ඉතා බරපතල වූ අතර තමා එය සිදු කල වග අසු උවොත් තමාට සිදු වන්නෙ කුමක්ද කියා ඔහු දැන සිටියත් වෙන විකල්පයක් ඉතිරි වී තිබුනේ නැහැ.

"උතුමාණෙනි , ඔමේගා ජිමින්ගෙ කුටියේ වුල්ෆ්බේන් ඖෂධය තබා එය දුටු බවට සේවිකාවක් ලවා මහරජු ට ඔත්තුව සපයමු. ඔහුට අන් විකල්පයක් නැහැ ඔහුව නිලයෙන් පහ කරනු විනා..."

ඈ මීට දින කීපයකට පෙර පැවසූ යෝජනාව අවසානයේ තමා මෙලෙස ක්‍රියාත්මක කිරීමට අණ කල වගත් , එය තැබීමට ඔවුන්ගෙ විශ්වාසී උප සේවිකාවක් පිටව ගිය අයුරුත් ටේහ්‍යුන් සිහිපත් කලා.

"මට සමාවෙන්න ඔමේගා ~ නමුත් මට මගේ ඇල්ෆා සහ මගේ දරුවන් යලි ඇවිසී"

ඔමේගා ජිමින්ගෙන් සිය දහස් වාරයක් සමාව යදිමින් ඔමේගා ටේහ්‍යුන් සිය දියණියව පපු තුරුලට ගෙන කල්පනා කරමින් සිටියා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now