කමෙන්ට් ගෝල් 50
"ඔ... ඔමේගා ටේහ්‍යුන්?"
වෙව්ලන කටහඩක් ඇසෙද්දී ඔමේගා තමාගෙ නිදි බර දෑස් විවර කොට බැලුවා. ලන්තෑරුම් එළියෙන් ඔහු දුටුවේ තමා ඉදිරියේ සිටගෙන සිටින ඔහුගෙ මිතුරා ~ ඔමේගා ජිමින්. ඔහුගෙ පපුවට තුරුලු කොට ගෙන සිටි කුඩා රන් පැහැති හුයෙන් ගෙතූ පොදිය කවුරුද කියා වටහා ගනිද්දී ඔමේගා ටෙහ්‍යුන් ජිමින් ඉදිරියේ දණ නවා ගත්තා.
ඔමේගාගෙ දෑස් දාරක සෙනේහයෙන් පිරෙද්දී ඔහු සිය වෙව්ලන හස්තය කුමරිය දෙසට දිගු කලේ ඔමේගා ජිමින් එතැනම දණ නවා ගනිද්දී. ඔමේගා ජිමින් ඔමේගා ටේහ්‍යුන්ට දැරිය ලබා දීමට ඔහු වෙත කුඩා බිලිඳිය දිගු කලත් එක් වරම යමක් මතක් වූවෙකු මෙන් ඔමේගා ටේහ්‍යුන් ඔහුගෙ දෑත් පපුවට තද කොට ගත්තා.
"ඈ.... ඔබ සමග සතුටින් නොවෙද?"
ටේහ්‍යුන් මුමුණද්දී ජිමින් ඔහු දෙස කඳුලු පුරවාගෙන බලා සිටියා විනා කිසිවක් කීවේ නැහැ.
"ක.. කරුණාකරලා මා හට පිලිතුරක් දෙන්න ඔමේගා. ඔබ මීට මාස කීපයකට පෙර ඔව් යන පිලිතුර දුන්නා නම් මා හට නිසැකයෙන්ම ක්‍රෝධයක් හට ගනීවි. න...මුත් මේ මොහොතේ මා බලාපොරොත්තු වන පිලිතුරත් එයමයි ඔමේගා.... ඈ තුටින් නොවෙද?"
ටේහ්‍යුන් ගෙ වදන් කොතරම් බිඳිලාද යන්න ඔමේගා ජිමින් හට වැටහෙද්දී ඔහුට ඉකි ගැසුනා.
"ඈ... තු..තුටින් නෙවේ ඔමේගා. ඈ සිටියෙ මා... හට පාලන...ය කර ගන්නට බැරි තර..ම් හඩ...මින්. කිසිඳු ආහාරක් නෑ ගනුයේ... ස..සමහර විටදී මහරජු දුන් ආහාර ගත්තත් ඔහුගෙ තත්වය අනුව මා... හට ඔහුට බල කළ නො...හැකී."
ඔමේගා හඩමින් පවසද්දී ඔමේගා කුඩා දැරිය දෙස බැලුවා. ඈ එක් වරම ඇගෙ නිල් පැහැති දෑස් විවර කොට ඔමේගා දෙස බලද්දී ඒ දෑසෙහි ඇති වූ දීප්තිය ඔමේගාවන් දෙදෙනාම දුටුවා.
"ඔ..ඔබ හැකිද ඈ හට ක්ෂීරය දීමට... ඇගෙ කුස පුරවන්නට..."
ඔමේගා ජිමින් බැගෑපත් ස්වරයෙන් තෙපලද්දී ඔමේගා ටේහ්‍යුන් හිස සැලුවා. ඔහු ජිමින්ගෙ දෑත් අතර සිටි බිලින්දිය ගෙන පපුවට තුරුලු කොටගෙන ඔහු හැඳ සිටි සලු මදක් පසෙකට කරද්දී ඈ ඔහුගේ පපුවේ දෙතොල් තබමින් ක්ෂිරය උරා බොද්දී ඔමේගා ජිමින් දෑස් වසාගෙන බිම බලාගෙන සිටියෙ නිශ්ශබ්දව. ඔමේගාවන් දෙදෙනා අතර ඇති වූයේ පැය භාගයක පමණ නිශ්ශබ්දතාවයක්. පැය භාගයකට පසු ක්ෂරය බිම අවසන් කල අයිජූන් කුමරිය ඔමේගා ටේහ්‍යුන් ගෙ දෑත් අතර ගුලි වී ඔහු දෙස බලා සිටියා.
YOU ARE READING
You Are My Alpha | TK ✓
Fanfictionදෙතැනක නතර උන පෙම් කතාවක් alpha X omega male pregnancy mature content Started date - 11 Feb 2023 Completed - 01 May 2023