EPILOGUE

2.8K 356 600
                                    

විසි හැවිරිදි මහරජු ටේෂු ඔහුගෙ අලුත උපන් කුඩා බිලින්දිය ඊසුල් කුමරිය පපුවට තුරුලු කරගෙන සිය පස් හැවිරිදි වැඩිමහල් පුතු ක්වාන් කුමරු ක්‍රීඩා කරන අයුරු නරඹමින් සිටියේය සිනාවකින් මුව පුරවාගෙන. ඔහුගෙ පෙනුම මහරජු ජන්කුක් හා ඔමේගා ටේහ්‍යුන්ගේ සම්මිශ්‍රණයක් වූ අතර ඔහු එතෙක් ඉතිහාසයේ වෘක රාජධානිය පාලනය කල කඩවසම්ම මහරජු ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඔහු විවාහ වූයේ එක් ඔමේගාවෙකු සමග පමණක් වූ අතර ඔහු ඔවුන්ගෙ දෙවැනි දරුවා ප්‍රසූත කරද්දී ටේෂු මහරජු ගෙ දෑත් අතරම අවසන් සුසුම හෙලුවේ දරුවන් දෙදෙනෙකු සමග ඔහුව මෙලොව තනි කරමින්.

"ඊසූල් කුමරියනි මේ බලන්නකො... පියාණන් ඔබට පිලියෙල කල දේ"

ටේෂු මහරජු ඔහුගෙ හස්තයේ වූ වටිනා සුදු රත්රන් වලින් පිලියෙල කල කැටයම් කල බෝලයක් පෙන්වද්දී ඈ සිනා සී ඇගෙ සුරතල් දෑත් වලින් එය අල්ලා ගත්තෙ ටේෂුගෙ මුවේද සිනාවක් ඇඳෙද්දී. පපා නොමැති දිවි ගමන ඈට අසිරු වූ හෙයින් සැමදා ඈ හඩන හෙයින් ඔහු එය පිලියෙල කිරීමට කටයුතු කොට තිබුණා.

"පියාණෙනි... දුටුවාද මා ඉලක්කයට ඊතලය විද්දා"

කුඩා ක්වාන් කුමරු දිව විත් ටේෂු මහරජු හට පවසද්දී ඔහු ක්වාන් කුමරු දෙස බලා සිනාවක් නැගුවා.

"ඔහ් බොහොම හොදයි නෙ මගෙ කුමරු"

ටේෂු මහරජු සිනා සී කීවත් ක්වාන් කුමරු ඔහු දෙස රවා බලාගෙන සිටියෙ කෝපයට පත් වී.

"ඔබ එලෙසමයි සැමදාම. ඔබ වෙනස් වෙලා.  සැමදා ඔබේ අවදානය ඊසූල් වෙත පමණයි. ඔබ අවම වශයෙන් මා ඊතලය යොමු කල ඉලක්කය වත් නෑනෙ දන්නෙ. නිවැරදි නේද මා පියානෙනි?"

ක්වාන් කුමරු කෝපයෙන් කෑ ගසද්දී ටේෂු මහරජු ගෙ මුහුණේ ශෝකයක් ඇඳුණා. කුමරිය ගෙ උපතින් පසු නිතරම පාහේ ඔහුට බැන වැදි ක්වාන් කුමරු නිසා ටේෂු සිටියෙ වේදනාවට පත් වී.

"මට ක්ෂාම කරන්න කුමරුනු මා..."

ටේෂු මහරජු පැවසිමට තැනුවත් කුමරුගේ දෑස් රැඳුනෙ සිය පියාගෙ දෑත් අතර සුරතල් වන කුමරිය දෙසට. ඇගේ දෑත් අතර සිර වී තිබූ සුදු රත්රන් බෝලය දුටු කුමරු ඒ දෙස ආශාවෙන් බැලුවා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now