දාහත්වන කොටස

1.1K 296 93
                                    

කමෙන්ට් ගෝල් 30

නාන කුටියට වී වමනය කල ටේහ්‍යුන් නැවතත් කුටියට වැටී නින්දට වැටුනේ සිය බිලින්දිය තුරුලු කරගෙන හඩමින්. ඔහුගෙ සේවිකා සේහා පිලියෙල කර දුන් ආහාර සියල්ලම ප්‍රතික්ෂේප කල ඔමේගා ටේහ්‍යුන්ට සවස් කාලයේදී ඔමේගා ජිමින් වෙත ගොස් ටේෂු කුමරුව ගෙන්වාගෙන ඔහුගෙන් සමාව ගනු රිසි වූවා. සේවිකා සේහාට දැන්වූ ටේහ්‍යුන් ඈ විස්තර සැපයූ පරිදි මාලිගාවේ ප්‍රධාන උද්‍යානයෙ  ඔමේගා ජිමින් සමග සිටි ටේෂු කුමරු බැලීමට යාමට ඔහු ලෑස්ති වූවා.

හැඳ පැළඳගෙන සිය දියණියව සේවිකාවන්ට මද වේලාවකට බාර දුන් ඔමේගා ටේහ්‍යුන් එහි යද්දී ඔමේගා ජිමින්ගෙ උකුල මත හිස තබාගෙන සිටින සිය පුතු දුටු ටේහ්‍යුන්ට සිහි පත් වූයේ කාලයකට ඉහතදී ඔහු සහ ඔහුගෙ පුතුත් මෙලෙස රාජකීය උද්‍යානයෙ කාලය ගත කල අයුරු.

ආයාසයෙන් සිනාවක් නගා ගත් ඔහු ඉදිරියට තැබූ අඩිය පසුපසට ගත්තෙ ඔහුගේ සියුම් දෙකවනට ඔවුන්ගෙ සංවාදය ඇසුන හෙයින්.

"දන්නේද? ඔමේගා ජිමින් තමයි සුන්දරම. පුදුමයක් නෑ මහරජු ඔබට මෙතරම් ප්‍රේම කිරීම"

ටේෂු කුමරු පවසද්දී ටේහ්‍යුන් එතනම නතර වූයෙ ඔහුගෙ දෑසෙ කඳුලු පිරෙද්දී.

"ටේෂු ඔබට රහසක් කියන්න ද පපා?"

"කෝ පවසන්න බලන්න මගෙ මැණික"

"දන්නේද? පපා තමා සුන්දරම. පුදුමයක් නැහැ පියාණන් ඔබව විවාහ කර ගැනීම"

"හොඳටම පැහිලා මේ කොල්ලා නම්!!"

"සත්‍ය කීවේ පපා!!"

ටේහ්‍යුන් හා ටේෂු අතර මීට වසර කිහිපයකට ඉහත සංවාදය ඔහුගෙ හිසෙ දෝංකාර නැංවෙද්දී ඔහු එලෙසම නතර වී ඔවූන්ට සවන් යොමු කලා. ඔමේගා ඔවුන් දෙදෙනා ට මදක් දුරින් සිටි හෙයින් ඔවුන් දෙදෙනා හට ඔමේගාව නොපෙනුනත් ඔමේගාගෙ සියුම් දෙකවනට ඔවුනගෙ සංවාදය හොඳින්ම ඇසුනා.


" ඔබ මට ලැජ්ජා කරනවා ටේෂු කුමරුනි"

ජිමින් සිනාසෙමින් පවසද්දී ටේෂු කුමරු ගෙ සිනා හඬද ඒ සමගම ඉතිරී ගියා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now