විසි දෙක කොටස

1.1K 308 129
                                    

කමෙන්ට් ගෝල් 50

"ඔමේගා..?"

ජන්කුක් තෙවැනි වරටත් මුමුණද්දී ටේහ්‍යුන් දණින් වැටීම හිමිහිට හිස ඔසවා ජන්කුක් දෙස බැලුවා. ඔහුගෙ කම්මුල් සුදු මැලි වී, මුහුණ කඳුලින් පෙගී තිබුන අතර ඔහුගෙ දෑසෙහි වූයේ අසරණ බවක්. ජන්කුක් ව ඇල්ලීමට මෙන් ඔහු අත දිගු කලත් තමාවම වලකා ගත් ඔහු උන්මන්තකයෙකු සේ හඩන්නට වූවා.

" බලා සිටියා..." ඔහු ඉකි ගසමින් වදන් ගැලපීමට තැත් කලා.

"දෑස් රිදෙන තෙක් මා බලන් සිටියා. කොයි මොහොතකද මා වෙත එන්නෙ කියා බලා සිටියා"

ජන්කුක් ටේහ්‍යුන් ගෙ දෑස් මග හැර වෙනතක් බලා ගනිද්දී ටේහ්‍යුන් ඉකි ගසමින් මිමිණුවා.

" නමුත්..."

"පසුව මතක් වූවා" ජන්කුක් ගෙ දෙපා හිමිහිට අත ගාමින් ටේහ්‍යුන් මුමුණන්නට වූවා.

"එක් සාමාන්‍ය ඔමේගාවෙක්ට මහ රජු දැකීමට අවසරයක් කොහින්ද?"

තමා සමගම අසරණ ලෙස සිනහ වූ ඔහු මහරජු ගෙ දෙපා මත හිස තබාගෙන ඔහුගේ දෙපා සිය කඳුලින් තෙත් කරන්නට වූවා.




"වැලඳ ගැනිමට අවශ්‍ය වුවත් සිය සැමියාව කොහිද අවසරයක් මේ පව් කාරයාට"

ටේහ්‍යුන් මුමුණන්නට වූයෙ බිඳුනු කටහින්. ඔහුගෙ වේදනාව මහරජු ගෙ සිතත පාරන්නට වූවා.

" මට මෙලෙස සිටින්නට දෙන්න මහරජුනි මද වේලාවක්. මා තවදුරටත් ඔබේ ඔමේගාවෙකු කියා ඔබ පිලි නොගත්තත් එක් සාමාන්‍ය පුරවැසියෙක් කියාවත් සලකා... මෙලෙස සිටින්නට අවසර දෙන්න"

ටේහ්‍යුන් යලිත් වරක් මහරජු ගෙ දෙපා සිප ගෙන ඒ මත සිය හිස තබාගෙන දෑස් වසා ගත්තා.

අඩ හෝරාවකට මදක් අඩු කාලයක් ගත වෙද්දීත් එලෙසම නිශ්ශබ්දව ඔමේගා සිය දෙපා මත හිස තබා සිටි හෙයින් මහරජු පුදුමයට පත් ව ඔහු දෙස බැලුවෙ ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති හෙයින්.

"ඔමේගා?"

ඔහු මුමුණද්දී ටේහ්‍යුන්ගෙන් පිලිතුරක් නොමැති නිසා හිමිහිට දෙදණ නැවූ ජන්කුක් ටේහ්‍යුන් ව තමා වෙත හරවා ගත්තෙ ඔහුව දෑතින් මදක් ඔසවාගෙන. ඔහුගෙ හිස පහතට අප්‍රාණිකව කඩා වැටෙද්දී ඔහුගෙ නාසයෙන් රුධිරය ගලනවා දුටු මහරජුගෙ දෑස් විසල් වූවා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now