දහතුන්වන කොටස

1.2K 311 91
                                    

කමෙන්ට් ගෝල් 30

ටේහ්‍යුන් ගැහෙන හදවතින් යුතුව සිය පුතු දෙස බලාගෙන සිටියා. ඔහුව සිය කුටියට දමා අගුළු දමන්නට මහරජු නියෝග කර තිබුණු හෙයින් ටේහ්‍යුන් එහි ගියෙ ටේෂු කුමරුව බලන්නට. ඔහු සයනය මත ගුලි වී නින්දට වැටී සිටින අයුරු බලා සිටි ටේහ්‍යුන් ගෙ දෑසට කඳුලු බින්දු මතු වද්දී ටේහ්‍යුන් සෙමින් සෙමින් සිය පුතු වෙත ගොස් ඔහු අසල වාඩි වූවා.

"මගේ පුතේ..."

සයන මත හිඳ ගත් ටේහ්‍යුන් ටේෂුගෙ හිස අත ගාද්දී ඔහු නිදි මතෙන්ම ටේහ්‍යුන් දෙස දෑස් ඇර බැලුවා. ටේහ්‍යුන් ඔහුට මද සිනාවකින් සංග්‍රහ කිරීමට තැත් කලත් ඔහු අනෙක් පස හැරී නිදා ගන්නට හැදුවා.

"පුතේ පපා දෙස බලන්න"

ටේහ්‍යුන් ටේෂුගෙ උරහිසින් අල්ලා ඔහුව තමා දෙසට හරවා ගනිද්දී ටේහ්‍යුන් ගෙ දෑස් මග හැරි ටේෂු කුමරු බිමට හිස නැඹුරු කොට ගත්තා.


"පුතේ... මැණික.. ඇයි මගෙ රත්තරන් ඔබේ නැගණියව ඝාතනයට තැත් කලෙ?"

ටේහ්‍යුන් ටේෂුගෙ කම්මුල් මෘදුව අත ගාමින් අසද්දී ටේෂු ටේහ්‍යුන් දෙස බැලුවත් එක් වරම මහ හඬින් ද්වාරය විවෘත වද්දී ටේහ්‍යුන් හා ටේෂු පුදුමෙන් ඒ දෙස බැලුවා.



"මහ රජුනි..."

ටේහ්‍යුන් නැගී සිටිමින් පැවසුවත් ඔවුන් දෙසට වේගයෙන් පැමිණෙන ඇල්ෆා ගෙ රත් පැහෙයෙන් දිලිසෙන දෑස්ද ඔහුගෙ හස්තයෙ තිබූ හම් පටියද ටේහ්‍යුන්ට සුභ මූර්තියක ලකුණු කියා පෑවේ නැහැ.

"මහ රජුනි"

ඔමේගා ටේහ්‍යුන් ජන්කුක් ඉදිරිපත් ආවත් ජන්කුක් ඉදිරියට දිව ආවත් ඔහුව පසෙකට තල්ලු කල ජන්කුක් වේගයෙන් ටේෂු කුමරු වෙත විත් ඔහුගෙ කම්මුල් තද කොට මිරිකා ගත්තෙ ටේහ්‍යුන් කෑ ගසමින් ජන්කුක් ගෙ හස්තයෙ එල්ලෙද්දී.

"නුඹ... මන්ද ඈව ඝාතනයට තැත් කලේ?"

ජන්කුක් කෑ ගසද්දී ටේෂු ජන්කුක් දෙස බියෙන් බලා සිටියා විනා කිසිවක් කීවේ නැහැ. ටේෂු ව සයනෙන් පහලට ඇද ගත් මහ රජු ඔහුගෙ කුඩා සිරුරට සම් පටියෙන් වැරෙන් පහරක් ගසද්දී ටේෂු කුමරු කෑ ගැසුවා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now