විසිහය වන කොටස

1.2K 293 194
                                    

කමෙන්ට් ගෝල් 30

ටේහ්‍යුන් ඔමේගා ජිමින්ගෙ කුටිය ඉදිරිපස සිටගෙන සිටියා. ඔහු දැන් සිටියා ජන්කුක් ද කුටිය තුල සිටින වග. රහසේම පලතුරු බන්දේසියක් රැගෙන සේවකයෙකු විලස මුව ආවරණය කොටගෙන ඔමේගා මාළිගාවට පිවිසීම ටේහ්‍යුන්ට ගැටලුවක් වූයේ නැහැ. ඔවුන්ගෙ කුටියේ රත්රන් ද්වාරය ඉදිරිපස සිට ගත් ටේහ්‍යුන් තමාටම හීල්ලුවා


" සමාවෙන්න මහරජුනි. ඔබේ ඔමේගා ඔබේ ජීවිතයෙන් ඈතට යන්නම්. තවත් දරා ගනු රිසි නෑ මා හට"

ටේහ්‍යුන් සිහින් හඩින් ඉකි ගැසුවා. ඔහුට රාත්‍රියේම මාලිගය හැර දා යන්නට ඇවැසි වූයෙන් ඔහු රාත්‍රියේම මහරජු ජන්කුක් දැක යෑමට යාමට තීරණය කලා. තව දුරටත් දරා ගනු රිසි නොවුනු තැන සිය තෙවැනි දරුවාත් සිය තුරුලෙන් අහිමි වේයැයි දැනුන බිය ඔහුට මෙම තීරණය ගන්නට පෙලඹුවත් ඔහු ප්‍රසිද්ධියෙ පිටව යාම මහරජු ට හා ඔහුගෙ වංශයට කරන නිග්‍රහයක් ලෙස සලකා සම්පූර්ණ දෝශය තමා දරාගෙන රාත්‍රියේම පිටව යාම ඔහුගෙ අදිටන වූවත් ඔහු රජුව අවසන් වරට නොදැක ඔහුව හැර යාමට ඔහුට හිත දුන්නෙ නැහැ.

ද්වාරය විවර කල ඔහු හිමිහිට කුටිය තුලට පිවිස පලතුරු වට්ටිය පසෙකින් තබා සලු වලින් වට වූ යහන් ගැන දෙස බැලුවා. සලු අතරින් දුටු චායාවේ ඔමේගා ජිමින් හා මහරජු ජන්කුක් නිදා සිටින වග දුටුවත් ඔවූන් දෙදෙනා තුරුලු වී සිටියේ නැහැ.

තරමක සැනසීමක් සමග ජන්කුක් ගෙ මුහුණ හොඳින් දැක ගැනීමේ අදිටනින් ඔහු සලු පසෙකට කොට සයන වෙත යද්දී දුටු දෙයින් ඔහු ගැස්සී ගියා. මහරජු සහ ඔමේගා ජිමින් අතර උන් රෝස පැහැති කුඩා කිරි කැටි දරුවෙකු ඔහ් දකිද්දී ඔහු පුදුමෙන් දෑස් විසල් කොට ඔහු දෙස බලා සිටියා. හිසෙන් මතු වන දැඩි වේදනාත් සමග බිත්ති වලට පණ විත් ඔහුට සිනා සෙනවා සේ දැනෙද්දී ඔමේගා සිය උදරයට හස්තය තැබුවා.


"පුතේ..."

ඔමේගා රහසින් මිමිණුවත් ඔහුට ප්‍රතිචාරයක් දැණුනෙ නැති තැන ගිලන් වූ ඒ හිත ඔහුට මිමිණුවේ ඔමේගා ජිමින් ඔහුගෙ තෙවැනි දරුවාත් ඔහුගෙන් උදුරා ගත් වග. ක්ෂණිකව දැනුන කෝපය යටපත් කිරීමට ඔහුගෙ ගිලන් වූ මනස සහ ගැබ් ගැනීම නිසා හටගත් හෝමෝන අසමතුලිතතාවය ඉඩ නොදෙද්දී එහි වූ කුඩා මේසය මත වූ පලතුරු වට්ට්යෙ රනින් ඔප දැමූ කිනිස්ස දුටු ඔහු එය අතට ගත්තෙ ජිමින් දෙස බලමින්.

You Are My Alpha | TK ✓Where stories live. Discover now