කමෙන්ට් ගෝල් 50
"මගේ ඔමේගා"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ පපුවට හිස තබාගෙන කොඳුරද්දී ඔහුගෙ දෑසින් කඳුලු ගලා ගියා. රාජකුමාරයෙකු මෙන් සැරසූ ඔමේගා ටේහ්‍යුන්ව දර සෑයක් මත තබා තිබුනේ දේව ආශිංශනය සහිතව ඔහුගෙ සිරුර දැවීමට. ඔහුගෙ මුහුණ දකින අවසන් මොහොත එයලවූ අතර ජන්කුක් ඔහුව අත් හැරීමට ප්‍රිය කළේ නැහැ. ඔහු ටේහ්‍යුන්ව තදින් අල්ලා ගෙන ඔහුගෙ නළලත සිප ගත්තේ දෑසින් වැටෙන කඳුලු සමග.
"සොයුර... මෙහි එන්න"
ඔමේගා ටේහ්‍යුන්ට මරණ දඬුවම ලබා දුන් වග සැලවූ වහාම ඔමේගා ටේහ්‍යුන්ව වඩා ප්‍රිය කළ මහරජු ජන්කුක් ගෙ අර්ධ සොහොයුරු ඇල්ෆා යුන්ගී කම්පාවට පත් වූ අතර , ඔහු රාජ්‍යයේ ගවේශන කටයුත්තක් සදහා පිට ගොසින් සිටියත් ඔහු හැකි ඉක්මනින් යලි මාලිගය දක්වා පිටත් වූ අතර ඔහු එහි එන විට සවස් වරුවද උදා වී තිබුණු හෙයින් ඔහුට හැකි වී තිබුණෙ ඔමේගාගෙ අවසන් චාරිත්‍රය සදහා සහභාගී වීම පමණයි.
"ඔමේගා... මේ පව්කාරයා අ...සලට යලි පැමිණෙන්නෙ නැතිද?"
මහරජු ජන්කුක් , ඇල්ෆා යුන්ගී ගෙ දෑත් අතරට සිරවී මුමුණද්දී ඇල්ෆා යුන්ගී ඔහුව පසෙකට ඇද ගත්තා. ජන්කුක් ට දැනුනෙ ඔහුගෙ පපුවෙන් දැඩි ලෙස දැනෙන වේදනාවක්. ඔහු පපුව අල්ලා ගනිද්දී පූජකයෙක් විසින් ඔමේගාගෙ සිරුරට අග්නි දැල්වූයේ අනෙක් පූජකයෝ ක්ෂලෝක කීම ආරම්භ කරද්දී. ඔමේගාගෙ සිරුර පිරිසිදු අග්නියට අසු වී අග්නි වූවත් ඔහු සිය සැමියාට දැක්වූ ඔහුගෙ පාරිශුද්ධ ප්‍රේමය අග්නි නොවුනේ මහරජු ජන්කුක් ගෙ හදවත තව තවත් පාරද්දී.
"න්...නෑ... මගෙ ඔමේගා"
සිහින් හඩින් කෙඳිරූ ජන්කුක් එක් ක්ෂණයෙන් ඇල්ෆා යුන්ගී ගෙ ග්රහණයෙන් මිදී අග්නි ජාලාව වෙත දිව ගියේ සියල්ලෝම එක් මොහොතකට ගල් ගැසෙද්දී. මහරජු සිය ඔමේගාගෙ සිරුර දැවෙන පාරිශුද්ධ අග්නියට පැනීමට මොහොතකට පෙර සිහි එලඹා ගත් ඇල්ෆා යුන්ගී ඔහුව ග්‍රහණයට ගෙන පසු පසට ඇද්දෙ මහරජු ජන්කුක් වේදනාවෙන් විලාප තබද්දී.
"අත් හරිනු!! ඔහු සමග දැ...දැවෙ....න්න ඉඩ හ..හරින්න"
ජන්කුක් කෑ ගසා හඩද්දී ඔමේගා ජිමින් සේම මවුබිසව ඔහු දෙස කඳුලු පුරවාගෙන බලා සිටියේ ජන්කුක් ගෙ වේදනාව දරා ගත නොහැකිව.
![](https://img.wattpad.com/cover/334244228-288-k102135.jpg)
YOU ARE READING
You Are My Alpha | TK ✓
Fanfictionදෙතැනක නතර උන පෙම් කතාවක් alpha X omega male pregnancy mature content Started date - 11 Feb 2023 Completed - 01 May 2023