කමෙන්ට් ගෝල් 30
ඔමේගා ටේහ්‍යුන් මහරජු විනිශ්චයකරුවන් ගෙන් සැදුම් ලත් මණ්ඩලය ඉදිරියේ දණ නවාගෙන සිටියා. ඔහුගෙ හිස පහතට නැඹුරු වී තිබුණු අතර හඩාම කඳුලු අවසන් වූ ඒ දෑස් වියලී තිබුනා. දෑත් පසුපසට කොට තරයෙ ලණු කැබැල්ලකින් වෙලා තිබුණු නිසා සෙලවීමටවත් නොහැකිව ඔහු සිටියේ අපහසුවෙන්.
ඔහු විනිශ්චයකරුවන් ඉදිරිපත් කල සියලුම චෝදනා පිලිගත්තත් කිසිවෙකු ඔහුගෙන් එවැන්නකට පෙලඹීමේ කාරණය ගැන විමසීමට උත්සාහ නොකළ නිසා කිසිවෙකු ඔහුට අනුකම්පා කලෙද නැහැ.
" මහරජුනි , අවසරයි "
එතනට කලබලයෙන් දිව ආවේ විමර්ශන මණ්ඩලයේ ප්‍රධානියා. ඔහු පසුපසින් ආ සෙබලුන් ඔමේගාගෙ සේවිකාව සේහාවද රැගෙන ආ අතර ඔමේගා පුදුමෙන් ඈගෙ කඳුලු පිරුණු දෑස් දෙස බැලුවත් ඈ කිසිවක් නෑ කීවේ.
මහරජු ගෙ සිහසුන වෙත ගිය ප්‍රධානී ඔහුගෙ ප්‍රදධාන සේවකයා අත කුඩා පොට්ටනියක් වැනි යමක් තබද්දී මහරජු පුදුමයෙන් ඔහු දෙස පුදුමෙන් බැලුවා.
"මෙය ඔමේගා ටේහ්‍යුන් ගෙ සේවිකාවගෙ කුටියේ සඟවා තිබියදී හමු වූයෙ මහරජුනි"
ඔහුගෙ මුහුණෙ භීතියක සලකුණු දුටු මහරජු පුදුමයෙන් ඒ දෙස බැලුවා.
"විවෘත කරනු!!"
මහරජු කල කෙටි ආඥාවට හිස නැවූ මහරජු ගෙ ප්‍රධාන සේවකයා එය විවෘත කරද්දී මහ රජුගෙ දෑස් විසල් වූයේ එහි වූ අනුරුව දැක. යාතුකර්ම වලදී ශාප කිරීමට යොදා ගන්නා කුඩා බෝනික්කාගෙ පිළිරුව දුටු මහරජු සිහසුන් නැගිට බෝනික්කා දෙස බලද්දී බෝනික්කා ගෙ සුරතල් මුහුණ කාගේද කියා ඔහු හොඳින්ම හඳුනා ගත්තා.
"ජි...මින්..?"
තමාටම මුමුණා ගත් මහරජු වෙව්ලද්දී හිස බිමට නැඹුරු කොටගෙන දණ නවාගෙන සිටින ඔමේගා දෙස බැලුවේ ඔහුගේ සිත වේදනාවෙන් පිරී යද්දී.
"එ.. එය විය නොහැකි. ඔහු එලෙස කරනුයෙ නැහැ"
ජන්කුක් ගෙ කටහඩ වෙව්ලද්දී ඔහු තෙපලමින් සේවිකාව හා විමර්ශන මණ්ඩලයෙ ප්‍රධානියා දෙස බැලුවා.
YOU ARE READING
You Are My Alpha | TK ✓
Fanficදෙතැනක නතර උන පෙම් කතාවක් alpha X omega male pregnancy mature content Started date - 11 Feb 2023 Completed - 01 May 2023