තිස් වන කොටස

1.6K 350 229
                                    

කමෙන්ට් ගෝල් 50

මහරජු ජන්කුක් ගේ ඇඟිලි තුඩු වලට ඔහු ඔමේගා ටේහ්‍යුන් හට යැව්ව රාජකීය ආඥාව ගුලි වී තිබුනු අතර ඔහු ගෙ දෑසින් කඳුලු ගලා ගියා. වේගවත් හුස්මක් ගත්ත ඔහු රාජකීය ආඥාව තවත් ඇගිලි තුඩු වලට තද කර ගනිමින් ඔහු රාජකීය නීති මාලාව සටහන් කල පුස්තකය දිග හැර පෙරලමින් සිටියා. මොහොතක් එය දෙස බලා සිටි ඔහු එය හා රාජකීය ආඥාව පසෙකට තල්ලු කොට හිසට ගසා ගත්තෙ දැනුන හිසෙ බරින් නිදහස් වනු රිසියෙන්.

" මා හට සමාවෙන්න ඔමේගා.  ඔබට මීට වඩා වේදනා විරහිත මරණයක් රාජ්‍ය නීති ප්‍රකාරව දීමට නොහැකි මා හට "

ජන්කුක් බිඳුණු කටහඩින් මිමිණුවා. ඔහුට ඔමේගාගෙ හිස ගසා දමා හෝ දැඩි වේදනාවක් ලබා නොදෙන වස වර්ගයක් පානය කරවා මරා දැමීමට අවශ්‍ය උවත් ඔහු මරණ දඬුවම දෙන දණ්ඩන අතර බරපතලම වැරදි දෙකක් සිදු කර තිබුනා.  රාජකීයන්ගෙ ලේ සෙලවීම හෝ එයට තැත් කිරීම හා ගුප්ත මායාවන් ට අනුබල දීම. ඔහුට රාජ්‍යයෙ නීති ප්‍රකාරව බරපතලම මරණ දණ්ඩනය දිය යුතු වූ අතර මහරජු ජන්කුක් ට එය ලිහිල් කිරීමට ඇමතිවරුන් ඉඩ හැරියෙ නැහැ.

"අඬන්න එපා වස්තුවේ... පපා වෙත යෑමට නොහැකී දැන්"

ජන්කුක් හට ජිමින් හඬා වැටෙන සිය දියණිය නලවනවා ඇසුනෙ බලාපොරොත්තු බිඳුනු කටහඩින්.  ඈ එක දිගට හඩන්නට වූ අතර ඔමේගා ජිමින් හට ඈව කැලණිය නොහැකි තරම් වූ අතර , ඈ මදක් හෝ නැලවුනෙ ජන්කුක් ගෙ තුරුලෙ පමණයි.

"වස්තුවේ... මේ බලන්න"

ජන්කුක් හට ජිමින්ගෙ කටහඩ හා දියණියගෙ හැඩීම ඔහුගෙ හිස රුදාව දෙගුණ තෙගුණ කරන්නට සමත් වෙද්දී ඔහු හුන් තැනින් නැගිට්ටා. කිසිවක් නොකියූ ජන්කුක් රාත්‍රියෙ කුටියෙන් පිටතට ඇවිද යනු දුටු ඔමේගා ජිමින් හිස ඔසවා බැලුවත් ඔහු ප්‍රශ්න කරන්නට උත්සාහ කලේ නැහැ.

___

නිදිවර්ජිතව සිර කුටියෙ සීතල පොලොව මත දිගා වී සිටි ඔමේගා ටේහ්‍යුන් දෑස් විවර කලෙ සිරකුටියෙ ද්වාරය විවර වන ශබ්දයට. ඔහුට තමාගේ ඇල්ෆාගෙ සුවඳ ඔහු දෙස නොබලාම හඳුනා ගැනීමට හැකි වෙද්දී ඔහු දණි පනි ගා එතනින් නැගිට්ට ජන්කුක් දෙස අවිහිංසක ලෙස බලා සිටියා. එදින පුර හද රාත්‍රියට පෙර දින වූ නිසා සඳ එලිය හා සිර කුටියෙ දැල්වුනු භූමිතෙල් ලාම්පු වල එලියෙන් ජන්කුක් හට ඔමේගාගෙ ප්‍රේමයෙන් බර වූ දෑස් හොඳින්ම පෙනුනා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now