විසි පස්වන කොටස

1.2K 317 143
                                    

කමෙන්ට් ගෝල් 30

අවසානයේදී අප එකිනෙකාව හොඳින්ම දන්නා ආගන්තුකයන් පමණක් විය....

ටේහ්‍යුන් පිහාටු පෑන පසෙකින් තබද්දී ඔහු ලිවූ සටහනට ඔහුගෙ දෑසින් වැටුනු කඳුලු බිඳුවලින් පෙඟී තීන්ත දියවී ගියේ ටේහ්‍යුන් බිඳුනු හදින් ඒ දෙස බලා සිටිද්දී.

ඔමේගා ජිමින් සිහි විසඥ වූ පසු තමාට හැකි වේගයෙන් සිය කුටියට දිව ආ ඔමේගා ටේහ්‍යුන් සයන මත ගුලි වූයේ ඔහුගෙ හිස දැඩි ලෙස වේදනා දෙද්දී. රාත්‍රිය වෙන තෙක්ම සයනේ වැතිර සිටි ටේහ්‍යුන් සිය කුඩා දියණිය හඬන ශබ්දයට අවධිව ඈ හට ක්ෂීරය පොවා ඈව යලි තොටිල්ල මත තැබුවා. සටහන් කොළයක් ගෙන පිහාටු පෑන තීන්තෙන් තෙමා සටහන ලීව ටේහ්‍යුන් හඩන්නට වූයේ ඔහුට දැඩි වේදනාවක් දැනෙද්දී.

කිසිවක් නොකියා ටේහ්‍යුන්ගෙ ජන්කුක් සමග ජීවිතය ගත කිරීමට මැවූ සිහින සේ බොඳ වූ අකුරු මත හිස තබා ගත් ටේහ්‍යුන් එය මතටම වැටී දෑස් වසා ගත්තේ හිතට දැනෙන දැඩි වේදනාව දරා ගැනීමට තැත් කරමින්... බොහෝ වේලාවක් නොකා නොවී ගතින් සේම සිතින්ද වෙහෙසට පත්ව වූ ඔහුගෙ දෑස් පියවී ගියේ මුවින් සිහින් ඉකි බිඳුමක් පිට වෙද්දී.....

__

සුරතල් සිනා හඬක් ඇසෙද්දී ටේහ්‍යුන් හිමිහිට දෑස් ඇර විපරම් කළා. ඔහු ට දැඩි ආලෝකයක් දැනෙද්දී ඔහු දෑස් අඩවල් කොටගෙන වටපිට බැලුවා. ඔහු දුටුවේ අලංකාර තෘණ භූමියක්. එහි තැනින් තැන ටියුලිප් මල් පිපී තිබුණු අතර කුඩා කෘමීන් පිරී සිටියෙ අලුත පිපුන. ටියුලිප් සුවඳ දසත පැතිරෙනවා ඔහුට දැනෙද්දී. තෘණ පිටිය මැද කුඩා ටේෂු කුමරු සිටගෙන සිටිනු දුටු ඔහුගෙ මුහුණෙ සිනාවක් ඇඳුනා.

"පු...පුතේ"

ඔහු මුමුණා ඔහු වෙත යෑමට තැත් කලත් ඔහුට එතැනින් හෙලවීමට නොහැකි වූවා. කලබලයෙන් වටපිට බැලූ ඔහු දුටුවේ විශාල වැලකින් ඔහුගෙ දෑත් හා දෙපා විශාල ශාකයකට තබා බැඳ ඇති වග. ඔහු එයින් මිදීමට තැත් කරද්දී ටේෂු කුමරු අසල වූ පඳුරක් අසලින් මතු වූයේ මහරජු ජන්කුක්. ඔහු විත් ටේෂු කුමරු අසළම සිටගෙන ටේහ්‍යුන් දෙස බලා සිනා සෙද්දී ඔහු සෙනෙහස පුරවාගෙන ඔවුන් දෙස බැලුවා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now