පහලොස්වන කොටස

1.3K 297 111
                                    

කමෙන්ට් ගෝල් 30

"ඔමේගා...."

ජන්කුක් ටේහ්‍යුන්ගේ හිස මෘදුව අත ගාමින් මුමුණද්දී ටේහ්‍යුන් හිමිහිට දෑස් විවර කොට වටපිට බැලුවා. පලමුව ඔහු දුටුවේ ඔහුගෙ මුහුණට එබී බලා සිටින ජන්කුක්. ඔහුට පසුපසින් කුඩා බිලින්දියව වඩාගෙන සිටින ඔමේගා ජිමින්. ඔවුන් දෙදෙනාගේම මුහුණු බියෙන් පිරී තිබෙනු දුටු ටේහ්‍යුන් යමක් මතක් වූවෙකු සේ වහාම සයනය මත අසුන් ගත්තා.

"මගේ දරුවා"

ටේහ්‍යුන් තමාව අල්ලා ගැනීමට තැත් කරන ජන්කුක් ව පසෙකට තල්ලු කොට සිය දියණිය දෙසට දෑත් දිගු කරද්දී ජිමින් කිසිවක් නොකියා ඉදිරියට විත් බිලින්දිය ටේහ්‍යුන්ගෙ දෑත් මත තැබුවා.

"මගේ පුතේ... බලන්න පපා පැමිණියා.. ඇසුනාද මගේ පුතේ"

ටේහ්‍යුන් ඇගේ මුහුණ මත හාදු තබමින් මුමුණන අයුරු ඔමේගා ජිමින් කඳුලු පිරි මුහුනෙන් බලා සිටින්නට වූයේ ඔහුගෙ සිතට වරදකාරී හැඟීමක් දැනෙද්දී.

"මහරජුනි , අප ඔමේගා ටේහ්‍යුන් සිහි මුර්ජා වූ වග රාජකීය වෛද්‍යවරියට දැන්විය යුතු නොවේද?"

ඔහු ජන්කුක් හට පවසද්දී ජන්කුක් ඔහුව අනුමත කිරීමට ප්‍රථම ටේහ්‍යුන් ජන්කුක් ගේ හස්තයෙන් අල්වා ගත්තා.


"ඇවැසි නෑ මහරජුනි, මා හොඳින්.  ක... කරුණාකර හෝරා කී...පයක්. මගේ දරුවා සමග ගත කරන්නට ඉඩ දෙන්න" ඔමේගා මිමිණූ විට මහරජු කලබලයෙන් ඔමේගා ජිමින් දෙස බැලුවත් ඔමේගා ජිමින් හිස සැලුවේ ඔහුව පුදුමයට පත් කරමින්.

"ස්..තූතියි.. ඔමේගා"

හිමිහිට මිමිණූ ඔමේගා සිය දරුවාව තුරුළු කොටගෙන එතැනින් නැගී සිටියේ පසකට වී සිටගෙන සිටින ඔමේගා ජිමින් දෙස බලමින්. ඔහු තවමත් සිටිනුයෙ ඔමේගා ජිවින්ගේ මාලිගයේ වග දැන ගත් ඔමේගා ටේහ්‍යුන් හට අවැසි වූයේ ඉක්මනින්ම එතැනින් යන්නට.

"මම... යන්නම්"

මහරජු ගෙ දෑස් මග හැරි ඔමේගා හිස බිමට නැඹුරු කොටගෙන සිය දරුවා තුරුලු කොට ගනිද්දී ඔමේගා ජිමින් අඩි කිහිපයක් ඉදිරියට ආවා. ටේහ්‍යුන් බිලිඳිය රැගෙන ගියොත් තමාව යලිත් කාලකණ්නි වේදනාවෙන් වලා ගන්නා වග ඔහු දැන් සිටියත් ඔහු දරුවෙකු දුරස් වීමේ වේදනාව හැඳින සිටියා. ටේහ්‍යුන්ද එම වේදනාව මේ මොහොතේ දී අත් විඳිනවායි අනුමාන කල ඔහු යමක් කීමට තැනූ මහරජු ජන්කුක් ගෙ හස්තයෙන් අල්ලා නවතා ගත්තා.


You Are My Alpha | TK ✓Where stories live. Discover now