දහනව වන කොටස

1.2K 293 119
                                    

කමෙන්ට් ගෝල් 30

මහරජු ජන්කුක් ඔමේගා ටේහ්‍යුන්ගෙ කම්මුල හරහා අත දිගු හැර ගැසූ පහරට ඔමේගා ටේහ්‍යුන් විසිවී බිම වැටුණා.

ඔමේගා ටේහ්‍යුන් ගෙ වරද පිලිබදව දැන ගත් සැනකින්ම ඔහුව නිවාස අඩස්සියට එනම් ඔහුගෙ මාලිගයෙන් පිටතට ඒම තහනම් කොට  මවු රැජින මේ පිලිබඳව අකමැත්තෙන් වුවත් මහරජු ට සැල කොට සිටියේ ඔහු ඒ පිලිබඳව දැන ගත යුතු නිසා. විමර්ශන කටයුතු සඳහා හා සේවිකාව ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇමති වරු මන්ඩලයක් පත් කල මහරජු ජන්කුක් ඔමේගාගෙ කුටිය වෙත ගියෙ ඔහුගෙ හදවත වේගයෙන් ගැහෙද්දී. ඔහුගෙ කුටිය තුලට යත්ම ඔහු ඉදිරියට කදුළු දෑසෙ පුරවාගෙන ආ ඔමේගාගෙ කම්මුල හරහා මහරජු පහර දුන්නෙ ඔමේගා වීසි වී යද්දී.

"ම...හරජුනි මා.."

ඔමේගාට ඉකි ගැසෙද්දී මහ රජු ඔහුගෙ උරහිසින් අල්වා කෙලින් කලා. මහරජු ගෙ දෑස් රතු පැහෙන් දිලිසෙනවා දුටු ඔමේගාගෙ සිරුර බියෙන් ගැහෙද්දී ඔහු බිම බලා ගත්තත් මහරජු ඔහුගෙ නිකටින් අල්ලා මුහුණ කෙලින් කලා.

"මට සත්‍ය පවසනු..!! ඔබද එය කරන්නට අණ කළෙ ඔමේගා?"

මහරජු ජන්කුක් කෑ ගසද්දී ඔමේගා බිම බලාගෙන හඩන්නට පටන් ගත්තෙ අසරණව. ඔහු ඔමේගා ජිමින්ට සිදු වන දේ ගැන අවංකව කම්පා වී කුටියට වී හඩමින් කාලය ගත කල අතර සෙබලුන් විත් ඔහුව වැරදි කාරයකු වූ වගට හේතු සඳහන් කරද්දී ඔහුගෙ හෘදය සාක්ෂියට යම් සහනයක් දැනෙන්නට වූවාත් එය පරයා ඔහුගෙ බිය ඉස්සර වූවා.

" ඉදින් පවසනු!!"
මහරජු ගිගුලුවේ ඔමේගා බියෙන් ඇකිලෙද්දී.

"එ....හෙමයි.. ම..හර...."

ඔමේගා තෙපලද්දී මහරජු අත දිග හැර ඔමේගාට පහර දුන්නෙ නැවතත් කම්මුල අල්වාගෙන ඔමේගා බිමට පතිත වද්දී.

"මට... සමා...."

"කවුද නුඹට අදහස දුන්නෙ ඔමේගා? ආ..? මා දන්නවා නුඹ සිතා මතා මෙවැනි දෙයක් නැහැ සැලසුම් කරන්නෙ?"
ඔමේගා මහරජු දෙස බලා හඩද්දී මහරජු ජන්කුක් යලි කෑ ගැසුවා.

"ඔබ අහිංසක යි!! මම මගේ සැමියාව හොඳන්ම දන්නවා. ඔබ එලෙස සැලසුම් සහගතව කුමන්ත්‍රණ නෑ කරනුයෙ!! මම මගෙ ඔමේගාව දන්නවා... පවසනු! කාගෙද අදහස?"

You Are My Alpha | TK ✓Where stories live. Discover now