කමෙන්ට් ගෝල් 30
ටේහ්යුන් සයන මත ඔහේ වැතිරී සිටියා මිස ඔහු වදනක් වත් දෙඩුවේ නැහැ. කම්මුල පුරා සටහන් වූ කඳුලු පාරවල් ඔහු බොහෝ වෙලා හැඩූ බවට සාක්ෂි ඉතිරි කලත් ඔහුගෙ දෑසින් තව දුරටත් කඳුලු කැට ගැලුවේ නැහැ.
"දන්නවාද මහරජුනි.. ඔබේ ඔමේගා ඔබ නැතිව පාලුවෙන්"
ඔමේගා හැඟීමක් නැත්තෙකු සේ ඉහල බලාගෙන මිමිණුවා.
"මගෙ පුතේ... පපාට ට සිතෙනවා ඔබ වෙත දිවගෙන එන්න. ඔබ වෙත විත් කිසිවෙකුට ළගා විය නොහැකි දුරකට පැන යන්න"
ටේහ්යුන් මුමුණද්දී ඔහුගෙ දෑසින් කදුළු වැටුනා.
බොහෝ වේලා නොකා නොබී කල්පනා කරමින් සිටි ඔහු අවසානයේ සයනය මතින් නැගී සිටියා. බර සුසුමක් ගත් ඔමේගා ද්වාරය විවෘත කොටගෙන පිටතට යද්දී පිටත ඔහු වෙනුවෙන් රැඳී සිටි සේවිකාව පුදුමයෙන් ඔහු දෙස බැලුවා.
වෙනදා අති අලංකාර ආභරණ පලඳා , වර්ණ කම්මුල් වල හා දෙතොල් වල ආලේප කොට සිටින ඔමේගා අද පැලඳ සිටියේ මංගල මාලය පමණයි. කිසිඳු වර්ණාලේපයක් ඔහු භාවිත කොට නොතිබුනත් , ඔහු නොකා නොබී සිටීම නිසා ඔහු සුදුමැලි වී සිටියත් ඔමේගා ගේ වූ අකාලික සුන්දරත්වය හා පෞරුෂත්වය ඔහු තුලින් මැකී ගොස් තිබුණෙ නැහැ.
"උතුමාණෙනි...?"
ටේහ්යුන් පිටතට එද්දී ඈ ටේහ්යුන් හට ආචාර කරද්දී ඔහු ඉදිරිය බලාගෙන එලෙසම සිටියා.
"ඔමේගා ජිමින්ව හමු වීමට ඇවැසියි. ඔහුගෙ මාළිගාවට යමු"
මිමිණූ ටේහ්යුන් පෙරමුණ ගනිද්දී හිස නැවූ ඈ ටේහ්යුන් ගෙ පසුපසින් එන්නට වූයේ ටේහ්යුන් ඉදිරියෙන් ගමන් කරද්දී.
පැය කාලක් ගත වීමටත් ප්රථම ඔමේගා ජිමින්ගෙ මාලිගය වෙත ඔමේගා ටේහ්යුන් ප්රවිශ්ඨ වූ අතර ඔහු දුර තියාම පොකුණ අසල සිය බිලින්දිය දෑතට ගෙන මහරජු සමග අල්ලාප සල්ලාපයෙ යෙදෙන ඔමේගා ජිමින් ව දුටුවා. මහරජු පෙර දින ටේහ්යුන් ඔහු වෙත ගොස් සිය දරුවා ඉල්ලා හඬා වැටුණු අවස්ථාවේදී ඔමේගා ජිමින් සිය දරුවා අහිමි වීම නිසා සිටින මානසික පීඩනයෙන් ගැලවීමට ඔහුට මදක් දරුවන් සමග කාලය ගත කරන්නට දෙන ලෙස මහරජු ඉල්ලා සිටි හෙයින් ටේහ්යුන් හට සිය දියණිය ව දෑත් අතරට ගන්නවත් ගත වූ දෙදිනට දියණියට ක්ෂීරය ස්වල්පයක් දෙන්නටවත් කාලයක් ලැබුණෙ නැහැ.
![](https://img.wattpad.com/cover/334244228-288-k102135.jpg)
YOU ARE READING
You Are My Alpha | TK ✓
Fanficදෙතැනක නතර උන පෙම් කතාවක් alpha X omega male pregnancy mature content Started date - 11 Feb 2023 Completed - 01 May 2023