හයවන කොටස

1.4K 302 95
                                    

කමෙන්ට් ගෝල් 30

"මහරජු පැමිණෙන තෙක් මා හට ඉවසිල්ලක් නැහැ"

ඔමේගා ටේහ්‍යුන් සිය සේවිකාවට පවසද්දී ඈ ඔහු සමග හෘදයාංගමව සිනා පෑවා. ඇගේද එකම බලාපොරොත්තුව වූයේ ඔමේගාගෙ බලාපොරොත්තුවමයි. එදින ඇල්ෆා ජන්කුක් ගේ සහ ඔමේගා ටේහ්‍යුන් ගේ විවාහ සංවත්සරය වූයෙන් ඔමේගා මහන්සිය නොබලා ඇල්ෆා ජන්කුක් වෙනුවෙන් විශාල රාත්‍රි ආහාර වේලක් ඔහුගෙ දෑතින් ම පිලියෙල කොට තිබුනා.

ඔහුට කොතරම් අප්‍රිය උවත් මහරජු ගෙ ප්‍රියතම ආහාරය වූ කළුකුම් මස් සුප් පවා ඔහු තමා විසින්ම පිලියෙල කිරීමට වෙහෙසුනෙ කිසිඳු සේවිකාවකට ඔහුට උපකාර කිරීමට පැමිණීමට ඉඩ නොදෙමින්.


"අප මහරජුට දන්වමුද උතුමාණෙනි"

"නැහැ. ඔහුට ස්මරණය ඇති සේහා"

ටේහ්‍යුන් පැවසුවෙන් ඈ හිස සලා ඔහුට ආචාර කලා. සිය කුඩා කුමරිය පපුවට තුරුලු කර ගත් ටේහ්‍යුන් කෑම මේසය දෙස බලා සිටියදී ඔහුගෙ මතකය වසර ගණනාවක් අතීතයට දිව ගියා.



ජන්කුක් ටේහ්‍යුන්ට සුප් පොවමින් සිටියේ ටේහ්‍යුන් ජන්කුක් ගෙ පපුවට තුරුළු වී සිටියදී. ටේහ්‍යුන් ටේෂුව කුසේ දරාගෙන සිටි අතර මාස හයක ඔහුගෙ කුස මදක් විශාල වී තිබුනා.

"දැන් නම් ඇති මහ රජුනි"

ටේහ්‍යුන් තමාට බලෙන් සුප් පොවන මහරජු නවතමින් පවසද්දී මහරජු ඔහු ට රැව්වෙ කෙලි ලොල්ව.

"නොහැකී ඔමේගා... අපේ පුතුට තවම කුසගිනී. නොවෙද පුතේ...?"

ජන්කුක් ටේහ්‍යුන් ගෙ කුසට ලං වී මුමුණද්දී ටේහ්‍යුන් ට සිනා ගියා.

"කෝ පවසන්න පියාණන්ට. ඔබට කුසගිනී නොවෙද?"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ කුසට අත තබා අසද්දී ටේහ්‍යුන් ගෙ කුසට කුඩා බිලිඳු පා පහරක් දෙද්දී එය දැනුන ටේහ්‍යුන් හා ජන්කුක් එක් වරම හිනා වන්නට ගත්තේ ටේහ්‍යුන් ගෙ දෑස් වල කඳුලු පිරෙද්දී.

"දුටුවාද කුමරුගෙ පපා. කුසගිනීලු ඔහුට.. දැන් මුව විවෘත කරන්න.. ආආආආ"

You Are My Alpha | TK ✓Where stories live. Discover now