විසිඅට වන කොටස

1.2K 324 209
                                    

කමෙන්ට් ගෝල් 30

"මහරජුනි..."

කවුලුවෙන් පිටත බලාගෙන හිටපු ජන්කුක් ගෙ පපුවට ගුලි වී සිටියේ කුඩා අයිජූන් කුමරිය. ඈ කිරි මවුවරුන් දුන් ක්ෂීරය පානය කොට මහරජු ජන්කුක් ගෙ තුරුලේම නින්දට වැටුනු පසු ජන්කුක් ඇයවත් ඔසවාගෙන කුටියේ කවුලුව තිබෙන ස්ථානය වෙත ගියේ සිතට දැනුන බර ගතිය සමග. ඔහුගෙ හිස බමන්නට පටන් ගනිද්දී ඔහුට අවශ්‍ය වූයේ මහ හඩින් හැඩීමට. එක් අතකින් ඔහුගෙ ඔමේගා ඔහුට ද්‍රෝහී වී තිබුනා. අනෙක් අතින් ඔහු ප්‍රේම කළ ඔහුවම මරා දැමීමට ආඥා පසු දිනයේ නිකුත් කල යුතු වූවා.

ජන්කුක් ගෙ කල්පනාව බිඳුනෙ ඔමේගා ජිමින්ගෙ කටහඬ ඇසෙද්දී. ජන්කුක් ඔහු දෙස හැරී බලද්දී ඔහු වෙත ආ ඔමේගා ඔහු දෙස බලාගෙන උන්නා. ඔමේගාගෙ දෑස් දුටු ජන්කුක් ට වැටහුනේ ඔහු බොහෝ වෙලා හඬා ඇති වගයි. ඔහු සුදුමැලි වී තිබුණු අතර මුහුණ ඇදී ගොස් තිබුනා.

ඔමේගා සියලු වැරදි තමා මත පටවා ගන්නා වග ඔහුට වටහා ගන්නට අපහසු වූයේ නෑ.


"ඔබ දුක් විය යුතු නැහැ. එය ඔබේ වරදක් නොවෙයි"

හිමිහිට මිමිණූ ජන්කුක් ඔමේගාගෙ දෑස් මග හැර කුඩා සිගිත්තියගෙ සුරතල් මුහුණ දෙස බලා සිටියා. ඈව ඔසවාගෙන ගොස් සිය සයනෙ තැබූ ඔහු නැවතත් නැගිට ජිමින් වෙත ගියා.



"ඔහුට... මරණ දණ්ඩනය පැනවිය යුතුමද මහරජුනි. සමාව දෙන්න ඔහුට"

ඔමේගා ජිමින් බැගෑපත් ස්වරයෙන් පවසද්දී ජන්කුක් කවුළුවෙන් පිටත බලා ගත්තෙ ඔමේගා ඔහු දෙස ආයාචනාත්මකව බලද්දී.


"කරුණාකරලා මහරජුනි. ඔහු මා හටයි පහර දෙන්නට තැත් කලෙ. මා පවසනවා නම් ඔහුට දණ්ඩන අනවශ්‍යයයි කියා ගැටලුවක් නැහැ නොවෙද එහි?"

ඔමේගා ජිමින් වේදනාවෙන් තෙපලද්දී ජන්කුක් ඔහු දෙස බැලුවා.

"එසේ කල නොහැකි ඔමේගා. රාජ්‍යයෙ නීතියක් තිබෙනවා"

ජන්කුක් පවසද්දී ඔමේගාගෙ දෑසින් කඳුලු ගලාගෙන එන්නට වූයේ ඔහු කෝපයට පත් වෙද්දී.

"ඔබට මාගෙ මිතුරාව මරා දැමිය නොහැකී ජන්කුක්!! ඔබට ඔහුව මරා දැමිය නොහැකී!!

You Are My Alpha | TK ✓Where stories live. Discover now