තිස් පස් වන කොටස

1.8K 361 192
                                    

කමෙන්ට් ගෝල් 50

"ඔ.... ඔමේගා?"

මහරජු ජන්කුක් , ඔමේගා ටේහ්‍යුන් වෙත ගොස් ඔහුව දෑත් අතරට ගනිද්දී ඔමේගා හුස්ම ගැනීමට වෙර දරමින් සිටි අතර ඔහුගෙ දෑසින් කඳුලු කැට ගලාගෙන ගියා. ජන්කුක්ගෙ ආත්මයම වේදනා දෙද්දී ඔහුට අවට වටපිටාව පවා පෙනුණෙ බොඳ වෙලා. ඔහු ඔමේගාගෙ කුස මතට අත තබා හඬා වැටෙද්දී ඔමේගා වෙව්ලන සිය දෑතින් මහරජු ගෙ කඳුලු කැට පිස දමන්නට වෙර දැරුවා.

"අ...අපේ දරු...ද...දරු පැටියා. ඔ. . මේ ගා"

ජන්කුක් ට වදන් පවා ගලපා ගැනීමට නොහැකි වෙද්දී ඔහුද ටේහ්‍යුන් සේම හුස්ම අල්ලා ගැනීමට වෙර දැරුවා. යමක් උගුරේ හිර වී ඇත්තාක් මෙන් ඔහුට දැනෙද්දී ඔහු ඔමේගාව තුරුලු කරගෙන වේදනාවෙන් විලාප නැගුවේ මුලු වෘක අධිරාජ්‍යදානියම මොහොතකට ගල් ගැසෙද්දී.

"මට... ක්..ෂාමා කරන්න මහරජුනි. මා... ඔ..බ. .ට"

ටේහ්‍යුන් යමක් තෙපලන්නට තැනුවත් ඔහුට කැස්සක් සමග උගුරෙ සිර වූ රුධිරය පිටතට ආවේ මහරජු ගෙ සලු ද ඔමේගාගෙන් ගැලූ රුධිරයෙන් නෑවෙද්දී. ඔහුගෙ අභ්‍යන්තර ඉන්ද්‍රියන් කෙමෙන් කෙමෙන් විනාශ වෙද්දී ටේහ්‍යුන් ගෙ මුවෙන් පමණක් නොවෙයි ඔහුගෙ දෙකනින් හා නාසයෙන්ද රුධිරය ගලා එන්නට වූයේ වේදනාව දරා ගත නොහැකි තැන ඔහු ජන්කුක් ගේ පපුවේ මුහුණ සඟවා ගනිද්දී. ඔහුගෙ සියුමැලි දෑත් වලට ජන්කුක් ගේ සලු තදින් මිරිකී තිබුණෙ ඔහු දරා සිටින වේදනාව සංකේතවත් කරමින්.

හිමිහිට හිස එසවූ ඔහුගෙ දෑස් ගැටුණේ ඔහුගෙ තියුණු දෙකවනට ඇසුනු සිහින් ඉකියක් දෙසට. කොතරම් වේදනාවක් දැරුවත් , ඒ වේදනාවට ඔහුගෙ දාරක ස්නේහය යටපත් කර ගන්නට නොහැකි වෙද්දී ඔහු රතු වූ දෑස් වලින් සෙබල පෙලට පිටුපසින් සිට ඔහු දෙස බලා සිටින ටේෂු කුමරු දෙස බලා සිටියා.


"ම....මගෙ පු...තා... මගේ දරුවා ."

මහරජු ජන්කුක්ගෙ දෑත් අතර සිටම ඔහු ටේෂු කුමරු ජන්කුක් හට පෙන්වූයේ බොහොම ආඩම්බරයෙන්. ඔහු තමා වෙත එන ලෙස ටේෂු කුමරු හට සිය ලෙයින් පෙගුනු දෑත දිගු කරත් මොහොතක් ඔහු දෙස බලා උන් කුමරු ආපසු හැරී දිව ගියේ ටේහ්‍යුන් ජන්කුක් ගේ දෑතින් මිදීමට තැත් කරද්දී. නමුත් යමක් සිහි වූයෙකු මෙන් ජන්කුක් ගෙ පපුවට ම ඔහු තුරුලු වූයේ තමා යලි ටේෂු කුමරු වෙත නොපැමිණෙන වගට ඔහුට දුන් පොරොන්දුව සිහි පත් කරමින්.

You Are My Alpha | TK ✓Where stories live. Discover now