තිස් නව වන කොටස

1.7K 335 176
                                    

කමෙන්ට් ගෝල් 50

"දන්නවාද මගේ ඔමේගා... ඔබ මගේ පමණයි"

මහරජු ජන්කුක් සයනේ වැතිර සිටි ඔමේගා දෙස බලාගෙන මුමුණද්දී ඔමේගා කිසිවක් නොකියා මහරජු දෙස බලාගෙන සිටියා. දෙතොල් පුරවා සිනහවකින් ඔහුට සංග්‍රහ කළ මහරජු ඔහුව සිප ගැනීමට ඉදිරියට නැඹුරු උවත් ඒ සමගම විවෘත වූ දොරෙන් පැමිණියේ ඔමේගා ජිමින්. ඔහුගෙ දෑත් වල උණුසුම් සුප් බඳුනක් තිබූ අතර ඔහු හිමිහිට ඇවිද එද්දී ජන්කුක් කෝපයෙන් ඒ දෙස බැලුවා.

ඔමේගා ජිමින් දෙස බැලූ තප්පරයට තමා අසල වූ ඔමේගා ටේහ්‍යුන් අතුරුදහන් වී ඇති වග වටහා ගත් මහරජු කලබලෙන් සයනෙන් නැගිට්ටා.


"මහරජුනි.. ඔබ බොහෝ වේලාවකින් ආහාර ගෙන නැහැ. කරුණාකරලා....."

"කො...කොහිද ඔමේගා ටේහ්‍යුන්"

ඔමේගා ජිමින් සිය වාක්‍යය සම්පූර්ණ කිරීමටත් ප්‍රථම ඔහුගෙ උරහිස් වලින් අල්ලා ගත් මහරජු අසද්දී ඔමේගා ඔහු දෙස පුදුමෙන් බලාගෙන සිටියා.

"කු...කුමක්ද? මහරජුනි.."

ඔමේගා ගොත ගසමින් ඇසුවා. පසුගිය සය වසර පුරාවට ඔමේගා මෙලෙස පැමිණි කීප වතාවකවම ඔහුගෙන් ඔමේගා ටේහ්‍යුන් කොහිද  කියා මහරජු අසා තිබුනත් සය වසරටම ඔහු ඒ ප්‍රශ්නයට පුරුදු වී නොසිටියෙ වරදකාරී හැගීමකි න් ඔහුගෙ සිත වෙලා ගත් නිසා. ඔහු මහරජු සහ ඔමේගා ටේහ්‍යුන් ගෙ ප්‍රේමය මැදින් පැන්නා සේම ඔහුගෙ මිතුරාගෙ මරණට හේතුවත් තමාම වග ඔහු කල්පනා කලා

"මහරජුනි..."

"ඔ..ඔමේගා මා සමග සය...නේ සිටි...යා. ඔබ දුටුවා නොවෙද? කො...කිහිද මගේ ඔමේගා ගියෙ.."

කඳුලු පුරවාගෙන කුඩා දරුවෙකු මෙන් ඇසූ ජන්කුක් ට ඒ සිටින්නෙ ඔමේගා ජිමින් කියා වත් හදුනා ගැනීමට හැකියාවක් ලැබුණෙ නැහැ. ඔහු සිටියෙ එතරම්ම මානසික ව්‍යාකූලත්වයක. ඔමේගා ජිමින්ගෙ හදවත වේදනාවෙන් පිරෙද්දී ඔහු කදුලු පාලනය කර ගැනීමට තැනුවා. ඔහු මහරජු බැලීමට යන බොහෝ වේලාවට ඔහු , ඔහුව හදුනා ගත්තෙ නැති අතර බොහෝ විට ඔහු තනිවම කතා කරමින් හෝ සිනා සෙමින් හෝ හඩමින් සිටියා. ඔහුට ඔමේගා ජිමින් කියා ඔහු ආමන්ත්‍රණය කල වාර ගනන අල්ප වූ අතර පසුගිය වසර තුනදී එය අතෙ ඇගිලි ගණනටත් සීමා වූවා.

You Are My Alpha | TK ✓Where stories live. Discover now