පලමු කොටස

3.4K 428 113
                                    

කුටියේ වැතිරී ප්‍රසූත වේදනාවෙන් පෙළෙමින් සිටි ඔමේගාගේ වේදනාබර කෑ ගැසිල්ලෙන් කුටිය පමණක් නොව මාලිගාවම දෙවනත් වෙද්දී වින්නඹු මාතාව ඔහුගෙ හිස අත ගෑවා

"මදක් ඉවසන්න උතුමාණෙනි... ඔබේ දරුවා ලැබීමට ඔබ සූදානම්"

ඈ පවසද්දී ඔමේගා සිය කඳුලින් පිරී ගිය දෑස් විවර කර ඈ දෙස බලද්දී ඈ කිසිවක් නොකියා ඔහුගෙ හිස අත ගෑවෙ සංසුන් වන්න කියා ඉඟි කරන අතරතුර.

"මා ඔබව සූදානම් කරන්නද උතුමාණෙනි"

ඔමේගාගේ වෘක ස්වරූපය බාහිරට පෙන්වමින් ඔහුගෙ දෑස් නිල් පැහැයෙන් දිස් වද්දී ඈ කාරුණාවෙන් ඇසුවේ දහදියෙන් නැහැවී සිටි ඔමේගා රාජ්‍යයෙ වාතය ඉව කිරීමට මෙන් ඉහලට එසවෙද්දී.

"ම..හරජු.? කොහිද ඔහු?"

ඔහු මිමිණුවා. නමින් ටේහ්‍යුන් වූ ඔහු රාජකීය පවුලකින් පැවත එන ඔමේගාවෙක් වූවා. සුන්දරත්වයෙන් අග තැන්පත් ඔහු රාජ්‍යයේ සුන්දරතම ඔමේගාවන් අතරින් එක් අයෙකු වද්දී එවකට ඔටුන්න හිමි කුමරු ඇල්ෆා ජන්කුක් සමග ඔහු පෙමින් බැඳුනෙ නිරායාසයෙන්. පලමුව දෙදෙනාම එකිනෙකාගෙ පරිපූර්ණ දේහ විලාසය ට වශී වූවත් එකිනෙකා හා කතා බහ කිරීමෙන් අනතුරුව ඔවුන් වටහා ගත්තා ඔවුන්ගෙ දෛවයන් එකිනෙකට බැඳී ඇතැයි කියා.
සිය මවු පියන් ගෙ ආශිර්වාද මැද අතිනත ගත් නව යුවල ට දාව දරුවෙක් පිළිසිඳ ගනිද්දී ඔවුන් දෙදෙනාම දහ අට විය පසු කරමින් සිටියා. පස් වසරක් ඉක්මවූ තැන ඔමේගා ටේහ්‍යුන් ඇල්ෆා ජන්කුක් ට දාව දෙවනි දරුවා ගෙන් ගැබ් ගත්තෙ රාජ්‍යයම ඔවුන් දෙදෙනා වෙනුවෙන් ප්‍රීතී වද්දී.

"කරු...ණාකර.. ඔහුව කැඳවන්න"

ඔමේගා වේදනාවෙන් සිය සැමියා ඉල්ලා ආයාචනය කරද්දී වින්නඹු මාතාවගේ සංඥාවෙන් කුටියෙහි උන් ඔමේගාගෙ පෞද්ගලික සේවිකාව සේහා පිටතට දිව ගියා

"අධිරජුනි..."

ඔමේගා සිය සැමියාගෙ සිතට කතා කිරීමට තැත් කළත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. එසේ වන්නෙ ඔහු තවත් ඔමේගාවෙක් සමග පෙමින් වෙලී සිය කැමැත්තෙන් ඔහු සමග සම්බන්ධතාවයක් පවත්වනවා නම් පමණක් වග දැන සිටි ටේහ්‍යුන් , ඔහු සිය අන්තප්පුරයෙ ඔමේගාවෙක් සමග තමා මෙලෙස වේදනාවෙන් සිටියදී විනෝද වෙනවා කියා විශ්වාස කරනු නොහැකිව දිගින් දිගටම ඔහු හට කතා කරන්න තැනුවා.

"මහ රජු කොහිද? තවම නැතිද එතුමාට දැන්වුවේ?"

පිටතට දිව ගිය සේවිකාව පිටත පෙරදී ඔමේගාගෙ ආයාචනාවට මහ රජුව සෙවීමට ගොස් යළි පැමිණි සෙබලුන් ගෙන් අසද්දී ඔවුන් එකිනෙකා ගෙ මුහුණින් මුහුණ බලා ගත්ත.

"මහ රජු ඔමේගා ජිමින් සමග පිටතට ගොසින් සේහා. ඔහු ඔහුට කිසිදු බාධාවක් නොකරන ලෙස ආඥා ලබා දීලා"

ඔහු පවසද්දී සේහා කෝපය මිශ්‍ර දුකින් ඔවුන් දෙස බලා සිටියා. ඇල්ෆා ජන්කුක් ගේ දෙවනි විවාහය ඔමේගා ජිමින් වූවා සේම ඔහු ද ඉතා සුන්දර ඔමේගාවෙක් වූවා. කරුණාබර තැනෙත්තෙක් වූ ඔහුටද මහරජු ගෙන් දාව එක් වසරක් සැපිරූ බිලින්දෙක් සිටි අතර ඔහු ඔමේගා ටේහ්‍යුන්ට හොඳම මිතුරක්ද වූවා. නමුත් විටින් විටේ මහරජු අතින් ඔමේගා ටේහ්‍යුන්ව මග හැරෙද්දී ඔමේගා සිනහවකින් ඉවැසූ අවස්තා සේවිකා සේහා නොදැක්කා නොවෙයි. ඔමේගා ටේහ්‍යුන්ට විශ්වාසදායී සේවිකාවක් වූ ඈට ඔමේගා ගැන දැනුනෙ අනුකම්පාවක්.

නැවත වරක් ඔමේගාගේ වේදනාබර කටහඩ කුටිය දෙවනත් කරද්දී ඈ කුටිය තුලට දිව යද්දී දහදියෙන් නැහැවී සිටි ඔමේගා සිය ආයාචනාත්මක දෑස් ඈ වෙත යොමු කලා.

"ම...ගෙ මහර...ජු?"

දරුවා ප්‍රසූත වීමට සූදානම් වුවත් ඔමේගා එය වලකමිණ් සිටි නිසා ඔහු අධික වේදනාවකින් පෙලෙන වග වටහා ගත් සේවිකාව ඔහු වෙත දිව ගියා..

"උතුමාණෙනි... මහරජුට මේ මොහොතේ පැමිණිමට නොහැකී..."

ඈ යටහත් පහත්ව කරුණාවෙන් තෙපලද්දී ඔමේගා ඈ දෙස දිලිසෙන දෙනෙතින් බලාගෙන සිටියා.

"මන්ද ඒ... පවසන්න!!"

"උතුමාණෙනි ..."

ඈ පසු පසට උනත් ඔමේගා ගෙ බලකරන සුලු නිල් පැහැති වෘක දෑස් ඈව බිය වැද්දුවා

"එතුමා ඔමේගා ජිමින් සමග පිටතට ගොසින් බවයි සැල වූයෙ උතුමාණෙනි. මට කණගාටුයි"

ඈ හිස නවමින් පවසද්දී දරු ප්‍රසූතියට ආසන්නව වේදනාවෙන් සිටි ඔමේගා සිය සැමියා තමාව අවශ්‍ය මොහොතේම තමා තනි කර ගොස් වග වටහා ගෙන වේදනාවෙන් හඩා වැටෙද්දී වින්නඹු මාතාව ඔහුව සිය ප්‍රසූතියට සූදානම් කලේ ඔහුව සනසමින්.

"උතුමාණෙනි.   මහරජු නැහැනෙ අද දරු උපත සිදු වන බව. අප දින ගැන සිටියෙ මීට දින දෙකක් ගත වීමෙන් අනතුරුව සිදු වන බව"

ඈ වේදනාවෙන් හඩා වැටෙන ඔමේගාව සූදානම් කරමින් පවසද්දී ඔමේගා මහ හඩින් විලාප තැබුවේ සිය සිරුරේ සියුම් පේශි තද කරමින් සිය කුමරා හෝ කුමරිය ඔහුගෙ දෑතට ඒමට පටන් ගනිද්දී....




















මේක ෂෝට් ස්ටෝරි එකක්.

කැමතිද නැත්තං අකමැති ද 👉👈

You Are My Alpha | TK ✓Where stories live. Discover now