Next day morning
උදේම නැගිට්ට ජංකුක් ටේවත් ලෑස්ති කරන් පහලට ආවෙ ටේට අනිත් අයව අදුන්වලා දෙන්න. අද ඉදන් ටේට කාමරේ හිර වෙලා ඉන්න ඕනෙ නෑ. සුගා උදේම බුසාන් වලට පිටත් උන නිසා සුගාටත් උන දේ කිව්ව ජංකුක් ටේමින් දෙන්නටම මැන්ශන් එකේ නිදහසේ ඉන්න දෙන්න තිරණය කලා. හැබැයි ඒ ටේමින් දෙන්නව නොදැනෙන්න ගාඩ් කරන්න කෙනෙක් දාලා සේෆ්ටි එක වැඩි කරලා. ජිමින්ව එක්කන් එන්න කියලා ගාඩ් කෙනෙක් යැව්ව ජංකුක් සෝෆා එකෙන් ඉදගත්තේ ටේත් එක්කමයි. ටේනම් ඔලුව කරක කරක කටත් ඇරන් මැන්ශන් එක වටේ බලනවා. සුගා නැතුව අනිත් හැමෝම livingroom එකේ හිටියා.
Tae - ඇ..ඇයි මෙහෙ ගොඩක් ඒවා කලු ප්..පාටට තියෙන්නෙ.
ටේ ඇස් දෙක බෝල කරන් ජංකුක්ගෙ මූනට නැමිලා හිමින් ඇහුවෙ කාටවත් ඒක ඇහෙන්නෙ නැති තරම් සද්දෙකින්.
Jungkook - මෙතන ඉන්න ගොඩක් අය ඒ පාටට කැමති නිසා.
Tae - අ..අර නූනලත් එ..එහෙමද
Jungkook - ඔව්
Tae - ඔයාලා බූතයොද?
ටේගෙ ඒ කතාවට ජංකුක් මූන තව ලං කරලා ටේ දිහා බැලුවෙ අමුතු විදියට. ටේ එතකොටත් ජංකුක් දිහා බලන් ඉන්න විදිය දැකලා ජංකුක්ට පොඩි හිනාවක් ගියත් ඒක ඉක්මනට හංගගත්තෙ අනිත් අය දකියි කියලා. ඒ උනාට ජංකුක් පරක්කු වැඩියි. මෙච්චර වෙලා කටත් ඇරන් free film එකක් බලපු අය කට වහගත්තෙ ජංකුක් ඔරවලා බලපු නිසා. ජංකුක් ආයෙ phone එක දිහා බලපු ගමන් හොබී ලං උනේ ජින්ට රහසක් කියන්න
J hope - හ්‍යොන් මාව කොනිත්තපන්
J hope - ආ...............ආව් අත ඇරපන් යකෝ....
හොබී කිව්ව නිසා ජින් කෙනිත්තුවෙ හොබී මැන්ශන් එක දෙක වෙන්න කෑ ගහද්දි. හරි සිහියෙ හිටපු නැති හැමෝම හැරුනෙ හොබි දිහාවට. ජංකුක් පිස්සෙක් දිහා බලනව වගේ ජින් හොබී දිහා බලද්දි ටේ බලන් හිටියෙ හොල්මනක් දැක්ක එකෙක් වගේ.
Namjoon - ඇයි හොබී මොකද්ද උනේ?
J hope - මූ මාව කෙනිත්තුවා බන්. කෑල්ලකුත් නෑ වගේ
Jin - ඉතින් උබනෙ කොනිත්තන්න කිව්වෙ.
J hope - මං මගෙ මස් කඩලා ගන්න කිව්වෙ නෑ
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk