ජංකුක් හිටියෙ ගාඩ්න් එකේ තියන පුටුවට වෙලා ඉඳගෙන කෝපි එකක් තොල ගාන ගමන් තමන්ගෙ මැන්ශන් එක වටේට තියන අක්කර ගානක් උන ඒ ගාඩ්න් එක දිහා බලන්. ඒ වෙලාව උදෑසන 7.30 පමණ වෙලා තිබුණා.
සෝල් dark devils mansion එක Swimming pool එකක් විශාල ground එකක් ලොකු පිරිසකට එකවර ඉන්න පුලුවන් විශාල මැන්ශන් එකක් තවත් පහසුකම් බොහොමයක් එක්කම විශාල ප්‍රාකාර වලින් වට වෙලා තිබුණා. ඇත්තටම එය නවීන පන්නයෙ පහසුකම් වලින් යුක්ත බලකොටුවක් වගේ උනා.
ඒ හැමතැනම ඉන්න කලු ඇදුමින් සැරසුනු දේහධාරී මිනිසුන් නිසා මැන්ශන් එකට එකතු උනේ තවත් ගාම්භීරත්වයක්. මේ හැමදේම දිහා ජංකුක් බලන් හිටියෙ ආඩම්බරව. ඒ හැමදේම තමන්ගෙ මහන්සියෙන් වගේම තමන්ගෙ හ්‍යොන්ලගෙ උදව්වෙන් කැපවීමෙන් ගොඩනගපුවා. ජංකුක්ට තියෙන්නෙ දැන් එකම ඉලක්කයක් විතරයි. අනිත් හැමදේම අවශ්‍ය වුන විදියටම ජංකුක් ලබා ගත්තා.
තනි පුද්ගලයෙක් ගොඩක් බලවත්. හරියට කැලයක ඉන්න තනි අලියෙක් වගේ නැත්තන් කැලයක ඉන්න සිංහයෙක් වගේ. ජංකුක් ඒක ඔප්පු කලා. ඔහු රෞද්‍රයි, භයානකයි වගේම ශක්තිමත්.
සන්සුන් හිතකින් කෝපි කෝප්පය තොල ගාමින් ඉන්න ජංකුක්ට ඇහුනෙ මැන්ශන් එකම හෙල්ලිලා යන සද්දයක්. ඒ සද්දෙ ජංකුක්ට අමුතුවෙන් අදුරගන්න දෙයක් නෑ. මැන්ශන් එකේ එහෙම කෑ ගහන්න පුලුවන් දෙන්නයි ඉන්නෙ. එක්කෙනෙක් ජින් අනිත් කෙනා ටේහ්‍යොන්. ඒත් ටේහ්‍යොන් ඔහොම කෑගහන්නෙ නෑ ජංකුක් ඉන්නෙ මැන්ශන් එකේනම්. එහෙනම් ඒ ජින්.
Jungkook - පොඩි එකා අදත් මොනාහරි කරලා
ජංකුක් ඒ කියන ගමන් දෙපැත්තට ඔලුව හෙල්ලුවෙ ඒ සද්දෙයි ජංකුක් කියපු දේයි ටේහ්‍යොන්ගෙ වීර ක්‍රියායි මතක් වෙලා ශින් පවා හිනා වෙනකොට.
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk