chapter 24

731 91 11
                                    

Kai's mansion

එලියෙන් වගේම ඇතුලෙනුත් ලොකු විනාශයක් වී ඇති බව කියන්න පුලුවන් කායි මැන්ශන් එකේ ඔහු හිටියෙ නවීන පහසුකම් වලින් සම්පූර්ණ උන living room එකේ. තැන් තැන්වල පණ නැතුව වැටිලා ඉන්න සිරුරු, ලේ ගලාගෙන යන ටයිල් පොළොව, බිඳුනු වීදුරු වගේම බෝතල් මැද ඔහු හිටියෙ විශාල පුටුවක ඉඳගෙන. ෆුල් සූට් එකක් ඇඳ සිටි ඔහුගේ මුහුන රත් පැහැ වී නළල බෙල්ල පුරා දහඩිය ගලාගෙන යමින් තිබුනා.

එක් අතක තිබුන පිස්තෝලය තමන්ගෙ නලල කොනකින් හේත්තු කරගෙන අනික් අතෙන් විස්කි බෝතලක්ද සමගින් ඔහුගේ තියුනු ඇස් එල්ල වෙලා තිබුනෙ මැද සාලේ එල්ලා ඇති විශාල රූපවාහිනී තිරය මතට. එහි දැනටමත් ප්‍රවෘත්ති විකාශනයක් වෙමින් තිබුනා. කඩවසම් පෙනුමක් ගත්තත් මිල අධික ඇඳුම් ඇඳ සිටියත් ඔහුගෙ පෙනුම මානසික රෝගියෙක්ට සමාන වෙලා තිබුනා.

පැය කිහිපයකට කලින් තමන්ගෙ අනවසර ව්‍යාපාර සියල්ලේම මූලස්ථානය උන incheon වල පිහිටි KH ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පිපුරුමකින් බිමට සමතලා වූ බව දැනගත් මොහොතේ පටන් වියරු වූ ඔහු තමන්ගෙ ආරක්ශාවටත් මැන්ශන් එකේ සේවාවන් සඳහාත් ඉන්න දහදෙනෙක්ට වැඩි ගනනක් ජීවිත ගණනක් නිකරුනේ වෙඩි තබා ඝාතනය කර තිබුනා.

KH ගොඩනැගිල්ල තට්ටු 9කින් සමන්විත උන අතර ඔහුගේ අනවසර ව්‍යාපාර ආරම්භ කල ස්ථානය උන දා සිට මේ වෙනතුරු ඒ හරහා මත්ද්‍රව්‍ය ගබඩාව සහ බෙදාහැරීම් , අවයව ජාවාරම්, රත්තරං දියමන්ති ගබඩා කිරීම්, දරුවන් සහ කාන්තාවන් මුදලට වෙනත් ස්ථාන කරා විකිනීම්, ගැහැණු ළමුන් වෙනත් රටවලට විකිනීම් ආදී දේවල් සිදු උනා. ඒ වගේම ඔවුන්ගේම පිරිස් වලට සතුටු වීම සඳහා පැහැරගත් අහින්සක ගැහැණු ළමුන් සිටින මහලක්ද උනා.

ඒ පිපිරීමට ජංකුක්ව සැක කලත් panthers සම්භන්ධ වූ බවක් සඳහන් නිසාම ඔහු ඒ සැකය අත්හැරියා. අදින් පසුවට තමන්ගෙ වත්කම් සියල්ල අහිමි වන බවට panthers ආගමනගෙන් ඔහු හිත ඔහුට තරවටු කලා. ඒත් පැන්තර්ස්ලට තමන් සමඟ ඇති ගැටලුව කුමක්ද යන්න ඔහුට ගැටලුවක් ගෙනදෙන ප්‍රශ්නයක් උනා.

--------------------------------------------------------------

Breaking News : අද රාත්‍රී 8ට පමණ incheonහි පිහිටි මහල් 9කින් සමන්විත KH ගොඩගැල්ල තුල වූ පිපුරුමකින් එම ගොඩනැගිල්ල සම්පූර්ණෙන්ම විනාශ වී ඇත. බෝම්බ ප්‍රහාරකින් ඇති වූ පිපිරුමක් බවට ආරක්ශක අංශ විසින් නිගමනය කර ඇති අතර ඉන් ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් ගිනි නිවීම් ඒකක කිහිපයක් උත්සහ දරමින් සිටියි. මෙය Incheonහි කැලෑබද ප්‍රදේශයක හුදෙකලාව පිහිටා තිබීම හේතුවෙන් මේ සම්බන්ධ ඇසින් දුටු සාක්ශියක් නොමැති නමුත් මීට වසර කිහිපයකට පෙර සම්පූර්ණයෙන්ම විනාශ වූවා යැයි කියන god of the mafia හෙවත් black panthers මෆියා කණ්ඩායම මගින් මෙම පිපිරුම සිදු කල බවට විශ්වාස කරයි. හේතුව නම් මින් පෙරත් ඔවුන් විසින් ප්‍රහාර සිදුකල ස්ථාන වල දක්නට තිබූ කලු පැහැ පැන්තර්ස් දෙදෙනෙක් සහිත ලේසර් ලාංඡනය දිස් වීමයි. එමගින් ඔවුන්ගෙ ආගමනය යලිත් සිදු වී ඇති බව බොහෝ දෙනා විශ්වාස කරයි. නමුත් ඔවුන්ගේ ආගමනය සත්‍යක්ද බවට තවමත් ගැටලු පවති. කෙසේ වෙතත් මෙම KH ගොඩනැගිල්ල කොරියාව තුල හොඳ සන්නාමයක් පිහිටා තිබූ CJPහි හිමිකරු හට අයිති වූ අතර panthers ප්‍රහාර එල්ල වූ හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.  කෙසේ වෙතත් මෙය මාෆියා ලෝකය තුල සිදු වූ ගැටුමක් බව pantherහි පැමිණීම මගින් කිව හැකි නමුත් CJP හි හිමිකරුට අයිති ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල කලේ මෙහි අපරාධ සිදු වන නිසාද නැතිනම් පුද්ගලික හේතුවක් මතද යන්න තවමත් අණාවරණය වී නැත.
මෙහි නවතම තොරතුරු ලද සැනින් අප ඔබෙ වෙත වාර්තා කරන අතර මේ පිලිබඳ සියල්ල දැන ගැනීමට අප හා රැඳී සිටින මෙන් ඉල්ලා සිටිමි.

Devil's prince (Completed)Onde histórias criam vida. Descubra agora