" පැටියෝ "
" ම්ම් "
පැය දෙකකට කිට්ටුව ගෙවිලා තිබ්බත් ඒ වෙනකොටත් ජංකුක්වත් ටේහ්‍යොන්වත් ජන්හ්‍යොන්වත් නිදාගෙන හිටියෙ නෑ. හුඟ වෙලාවක් නිශ්ශබ්ධව තිබුන කාමරේ ටේහ්‍යොන් මුමුණන සද්දෙ පැහැදිලිව ඇහුනා.
" ඔයා එදා මමාට කිව්වා නේද අර ඩයරි එකෙත් ලියලා තිබ්බෙ- "
" මං නොදරුවෙක් නෙමෙයි මමා. මං හුඟක් ලොකුයි දැන්. මට දැන් ඕනෙ මමාට තුරුල් වෙලා ඉන්න විතරයි. "
" ඔයා කියන්නෙ ඔයාට එපා කියලද? ඒත් මං... "
ටේහ්‍යොන්ගෙ කටහඬ වෙව්ලුවා." එපා කියලා නෙමෙයි කිව්වෙ. ඔයා හිතන්නකො මමා මං දැන් ලොකුයිනෙ. එතකොට මට ලැජ්ජයිනෙ. ඔයාට තේරෙනවද? ක්‍රව්න් ප්‍රින්ස් අම්මගෙන් කිරි බොනවා කියල මිනිස්සු දැන ගත්තොත් මට හිනා වෙයිනෙ. "
ජන්හ්‍යොන් කවදාවත් නැතුව අමුතුම සොෆ්ට් සවුන්ඩ් එකකින් කතා කරනකොට ජංකුක් ඇස් පිල්ලම්වත් නොගහා පුදුමෙන් බලන් හිටියා. ටේහ්‍යොන් ආවට පස්සෙ හැමදේම හොඳ වෙලා. සාමකාමී වෙලා.
" ඒත් මට ඔයා පැටියනෙ... "
" මමාට පැටියා උනාට මිනිස්සු මාව දැක්කත් බය වෙනවනෙ මමා. "
" එතකොට ඔයාට දැන් මමාගෙන් කිරි බොන්න ඕනෙ නැද්ද? "
" නෑ. හැබැයි මට මමාට තුරුල් වෙලා ඉන්න ඕනෙ. පුලුවන්නම් හොඳ උනාට පස්සෙ මට කෑම හදලා දෙන්න. මට දැන් ඕනෙ ඒවා. පුලුවන් නේද? "
ටේහ්‍යොන් වේගෙන් ඔලුව වැනුවම ජන්හ්‍යොන් ටේහ්‍යොන්ට නින්ද යනකන් ඒ ඔලුව අතගෑවා.
"හොඳට සිටුවේශන් එක බැලන්ස් කරන්න පුලුවන්. ඒක හුඟක් හොඳ් හැකියාවක්. "
" අමතක කරන්න එපා. පපා නොදන්න දේවලුත් මං දන්නවා කියලා. "
ජංකුක් ඔලුව වනලා ඒ කතාව අනුමත කලා.
.
.
.ජංකුක් හිටියෙ පැලස් එකේ ඉහළ තනතුරු දරන අය සමග කතාවක.
" ඒකට තවම බෙහෙතක් හොයාගන්න බැරි උනාද? "
" තවම උත්සහ කරනවා උතුමාණෙනී. ඒත් ඒ රෝගෙ එන්න එන්න ව්‍යප්ත වෙනවා. කුඩා දරුවන්ට පමණයි බෝ වෙන්නෙ. දැනට අපිට දරුවො පනස් දෙනෙක් පමණ හමුවෙලා තියනවා. පොත්පත් වලත් ඒ රෝගය ගැන ලියවෙලා තියනවා. මරණ අනුපාතිකයත් වැඩියි. උපරිම මාසයක් විතරයි තියෙන්නෙ අපිට. ඒ නිසා ඉක්මනින් ප්‍රතිකාරයක් හොයාගන්න ඕනෙ. "
STAI LEGGENDO
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk