ජංකුක් මාලිගාවට පිටත් උනා. සකුරා ගර්භය තියෙන්නෙ දේශසීමාවට ලං වෙන්න නිසා මාලිගාවට හැතැම්ම සිය ගානක් දුර තිබ්බා.ජන්හ්‍යොන් පැය ගානක් නොසෙල්වීම ටේහ්‍යොන් දිහා ඈතින් බලන් හිටියා. එයාගෙ මමා අවුරුද්ද ගානෙ ලස්සන වෙනවා. තේරෙන වයසෙදි වියත් හතර පහක් දිග කොණ්ඩෙ දැන් වියත් දොළහක් දහතුනක් දිග ඇති. ගැහැනු කෙනෙක්ටවත් නැති රූපයක්. ජන්හ්‍යොන් කැමතිම එයාගෙ මමා දිහා බලන් ඉන්න. ඒකම විතරක් එයාගෙ මනස සතුටින් තියනවා. පිට කිසිම කෙනෙක්ට වචනෙකින්වත් ළං නොවුන වැඩි කතාබහක් නැති රළු පෞරුෂයක් උනත් ඔහුත් ටේහ්‍යොන්ට තුරුල් වෙන්න බලාගෙන උන්නා.
ජන්හ්‍යොන් කෙටි අඩි තියලා ටේහ්‍යොන් නිදාගෙන ඉන්න වීදුරු ආවරණය ළඟට ගිහින් හිටගත්තා.
" මමා.... "
ටේහ්‍යොන්ගෙ මූණ දිලිසුනා. ඒක සාමාන්‍ය දෙයක්. ජංකුක්ගෙ ජන්හ්යොන්ගෙ කටහඬට එයාගෙ මූණෙ එලියක් එනවා. හරියට මෙච්චර වෙලා ගල් උන මූණක් හිනාවකින් ලිහිල් වෙනවා වගේ....
" අද මගේ විසිඑක්වෙනි උපන්දිනේ... ඉක්මනට නැගිටින්න. අපි බලන් ඉන්නවා. "
ජන්හ්‍යොන් ඔහුගෙ අත ඒ වීදුරු ආවරණය උඩින් තිබ්බා. හුඟක් වෙලා.... එතනින් අයින් වෙලා සකුරා ගර්භයේ දොර අගුල් දැම්මා. ජන්හ්‍යොන් මාලිගාවට යන්න ඕනෙ. ඔහු ඇඳන් උන් සේද සළු පිටින්ම පොකුණේ ගිලුණා. දිය ඇල්ල ගලන් වැටෙන තැනම අඩි ගානක පලල් පොකුණක්...
YOU ARE READING
Devil's prince (Completed)
Fanfictionආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk