chapter 31

561 70 1
                                    

ටේහ්‍යොන් ජංකුක් දෙන්නා ඩින' එකෙන් පස්සෙ හිටියෙ ජංකුක්ගෙ රූම් එකේ. රෑ 12ට කිට්ටු වෙලා තිබ්බත් ටේට නින්දක් තිබ්බෙ නෑ. ජංකුක්ට නිදිමත තිබුණත් ඔලුවෙ තිබුණ ප්‍රශ්න නිසා නිදාගන්න හිත දුන්නෙ නෑ.

Jungkook - ටේහ්‍යොන්...

Taehyung - m?

ටේහ්‍යොන් ජංකුක්ගෙ මූන දිහා ඔලුව උස්සලා බැලුවෙ ජංකුක් අහන ප්‍රශ්නෙ දැනගෙනමයි.

Jungkook - හැමදේම කියන්න පුලුවන්ද මට ම්ම්?

Taehyung - මට ඔයාට කියන්න බැරි දෙයක් නෑ කුකී.

ජංකුක් ටේහ්‍යොන්ගෙ නලලට හාදුවක් තිබ්බෙ ටේහ්‍යොන් ජංකුක්ගෙ අතක් උඩින් ඔලුව තියන් ජංකුක්ට තුරුල් වෙද්දි.

ටේහ්‍යොන්ම වෙලා අරන් ඒ කතාව පටන් ගන්නකම් ආයෙ ජංකුක් ඒ ගැන කතා කරන්නවත් ප්‍රශ්න අහන්නවත් ගියෙ නෑ.

Taehyung - මේ හීන මට තේරෙන කාලෙ ඉදන් පේන දේවල් කුකී. ඒ තේරෙන වයසෙ ඉඳන් මං ඔම්මා අප්පා නැතුව හැදුනට මං හැමදාම ඔම්මව දැක්කා ඒ හීනවල. මගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නෙ ඔම්මා. ඒත් මං දන්නෙවත් දැකලවත් නෑ මගේ අප්පා මොන වගේ කෙනෙක්ද කියලා. ඔම්මා කියන විදියට එයා දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් එකතුවෙන් හැදුන මනුස්සයෙක්ලු. ඔම්මයි අප්පයි හම්බෙලා තියෙන්නෙ චයිනා වලදි.

Jungkook - අප්පා? එයා මනුස්සයෙක් නෙමෙයිද?

Taehyung - නෑ. මං පොඩි කාලෙ ඔය පේන හීන විශ්වාස කලේ නෑ. කවුද හිතන්නෙ ඔහොම දේවල් ඇත්ත කියලා. අඩුම එහෙම හිතන්නවත් පොඩි කාලෙ සුරංගනා කතා කියලා දෙන්න කවුරුත් මට හිටියෙ නෑනෙ.

ජංකුක් ටේහ්‍යොන්ගෙ කතාවට බාදාවක් නොකරම තවත් ටේහ්‍යොන්ව තමන්ගෙ තුරුලට ගත්තෙ අන්තිමට කිව්ව වචනත් එක්ක ටේහ්‍යොන්ගෙ කටහඬ වෙව්ලද්දි. විනාඩි ගානක් සද්ද නැතුවම හිටපු ටේහ්‍යොන් ආයෙමත් කතාව පටන් ගත්තා. ඒ නොහිතපු තැනකින්.

Taehyung - මං පොඩි කාලෙ ඉඳන් දකිනවා වැම්පයර්ස්ලව, වෙයාවුල්ෆ්ලව, ලයිකන්ස්ලව, අමුතු අමුතු බල තියන මිනිස්සුන්ව මං එයාලව අඳුරගත්තෙ ඒ නම් දැනගත්තෙත් ඒ දවස්වල කියවපු පොත්වල තියන රූප වලින්. ඔයා වගේ වැම්පයර් කෙනෙක්ව මං දැකලා තියනවා හරියට ඔයා මගෙන් ලේ බිව්ව වෙලාවෙ වගේ. ඒ කෙනා හිටියෙ එදා ඔයා පැන්තර්ස්ලගෙ කින්ග් කියලා හැමෝම දැනගත්ත දවසෙ වගේ පැන්තර්ස්ල ලඟ ඉන්න ඒ ක්‍රව්න් එක ඔලුව දාන් ඉන්න අමුතු තැනක රත්තරං මැණික් වලින් වගේ හදපු පුටුවක. ඒ හැම වෙලාවකම ඔයාගෙ අතේ ඔය මුද්ද තිබුණා.

Devil's prince (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang