ටේහ්‍යොන් නැගිටිද්දි ජංකුක් ඇඳේ හිටියෙ නැති උනත් ජන්හ්‍යොන් ඊයෙ හිටිය විදියටම තවමත් ටේහ්‍යොන්ට තුරුල් වෙලා ඒ අත් වලින් ටේහ්‍යොන්ව තදින් බදාගෙන හිටියා. ටේහ්‍යොන්ගෙ මූණෙ ඇඳුනෙ හිනාවක්. ටේහ්‍යොන් ඔලුවෙ තිබුන අතෙන් ජන්හ්‍යොන්ගෙ කෙස් ගස් හිමින් අත ගෑවා. එ හිස් මුදුනට සැරින් සැරේ හාදු තිබ්බා. ටේහ්‍යොන්ගෙ මූන සතුටට පුපුරන්න එනවා. ටේහ්‍යොන්ට හිතුනා ඇඳෙන් බැහැලා නටන්න. එයාට පවුලක් තියනවා කියලා උගුර තුවාල වෙනකන් කෑ ගහන්න. ටේහ්‍යොන් තවත් තමන්ගෙ දරුවව පපුවට තුරුල් කරගෙන හාදු තිබ්බා.
" මාව කන්නද හදන්නෙ මමා "
ජන්හ්‍යොන්ගෙ ගැඹුරු කටහඬට ටේහ්‍යොන්ව ගැස්සුනත් ආයෙමත් ඒ මූන හිනාවෙන් පිරුනා.
" මගෙ පැටියා.... ඇහැරුනාද? "
" මමා මාව ඇහැරුවා. "
" කමක් නෑනෙ. මමාට අහන්න දෙයක් තියනවනෙ. "
ටේහ්‍යොන් ඒ කම්මුල් දෙකේම හාදුව ගානෙ තියන ගමන් කතා කලා. ජන්හ්‍යොන් ඇඳට හේත්තු උනා.
" කියන්නකො බලන්න එහෙනම් "
ඊයෙ ජන්හ්‍යොන් ටේහ්‍යොන්ට ඩයරීස් කීපයක් දුන්නා. ටේහ්‍යොන්ගෙ මනස හදිසියේම ඒ වෙලාවට ඇදුනා.
Flashback
" මමා.... "
" ඕ... "
" මට මමාට දෙන්න දෙයක් තියනවා "
ටේහ්‍යොන් කරමින් හිටපු වැඩේ නවත්තලා ජන්හ්‍යොන්ට අවධානය දුන්නා.
" මොකද්ද? "
" මට පපා කිව්වා... මමා මං ලොකු වෙනවා බලන් ඉන්න ආසාවෙන් හිටියෙ කියලා "
ටේහ්‍යොන් අවධානෙන් ඒ වචන අහන් ඉඳලා ඔලුව වැනුවා. ජන්හ්‍යොන් ලැජ්ජාවෙන් ඉන්නෙ. මොකක්හරි හුරතල් වැඩක්ද? ටේහ්‍යොන් හිතුවා.
" මමා කැමතිනම් මේවා කියවන්න පුලුවන් "
" මේ ඩයරීස් මොනාද? "
" ඔය මං අවුරුදු අටේ ඉඳන් මං ගැන පපා ගැන උන දේවල් ගැන ලියපුවා. "
ටේහ්‍යොන්ගෙ පුදුම උන ඇස් මාරුවෙන් මාරුවට ජන්හ්‍යොන්ටත් ඩයරීස් වලටත් ගියා.
ŞİMDİ OKUDUĞUN
Devil's prince (Completed)
Hayran Kurguආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk