chapter 35

467 63 6
                                    

Taehyung - කූ...

Jungkook - ම්?

Taehyung - මං නැති උනත් එයාට මාව මතක හිටීද කුකි. මං තමයි එයාගෙ මමා කියලා එයාට මාව මතක තියෙයිද? ඔයා එයාට වෙන මමා කෙනෙක් ගේනවද? ඔ..ඔයාලා දෙන්නා මං න්.නැතුව සතුටින් ඉ..ඉන්නවද?

දැන් මධ්‍යම රාත්‍රියත් පහු වෙලා. ජංකුක් රාජකාරී වැඩක. ටේහ්‍යොන් කාමරයේ ඇති සුවපහසු ඇදේ ඉඳගෙන ජංකුක්ට කතා කලා. පහු ගිය මාස එකාමාරක වගේ කාලෙම ටේහ්‍යොන් ජංකුක් එක්ක එයාගෙ දරුවා එක්ක තනි වෙන්න උත්සහ කලා. තනියම ඉන්න වෙලාවක එයාව මතක හිටින්න තවමත් නොඉපදුනු දරුවට අවුරුදු ගානකට උපන්දින තෑගි ලෑස්ති කලා. ඉඩක් ලැබෙන හැම වෙලාවකට කිසිම කතාවක් නැතුවම ජංකුක්ට තුරුල් වෙලා හිටියා. ටේහ්‍යොන්ගෙ හැසිරීමත් එක්කම වෙන්න තියන නරකම දේ එක්ක උනත් සටන් කරන්න බලාගෙන ඉන්න හැමෝගෙම ධෛර්යය ටික ටික නැති වෙන්න පටන් ගත්තා. ජංකුක් පවා ඉන්නෙ ලොකු පීඩනයක. ඒ බව පිටට නොපෙන්වුවත් ජංකුක් ඉන්නෙ අධික රාජකාරි වැඩත් මානසික ආතතියත් වේදනාවෙනුත් මිරිකිලා. තව දවස් කිහිපයයි... උපරිම සතියයි. පහු ගිය මාස එකාමාරටම දරුවට ඕන කරන හැමදෙයක්ම ටේහ්‍යොන් ලෑස්ති කලා. ඇඳුම් පවා ඒ අත්වලින්ම ගෙතුවා. ඒත් අන්තිම සතිය කියන්නෙ අඩුම අඩියක්වත් තියාගන්න බැරි වේදනාත්මක සතියක්. ඉතින් ටේහ්‍යොන් කරේම තනියම කතා කරපු එක. එයාව අමතක වෙයිද කියලා අහපු එක. ඒ වචන දෙක තුන විතරක් ජංකුක්ගෙ මනස විනාස කරලා දැම්මා.

ටේහ්‍යොන්ගෙ කතාවට නිහඬවම කන් දුන්න ජංකුක් විශාල කාමරයේ කොනක තිබුන රාජකාරී වලට වෙන් උන මේසෙන් පුටුව පිටිපස්සට කරන් නැගිටලා ඉක්මන් අඩි වලින් ටේහ්‍යොන් ළඟට ආවා. අන්තිම වචන ගාන වෙව්ලුව එක පුදුම දෙයක් නෙමෙයි දැනටමත් ඒ ඇස් වල කඳුලු පිරිලා. ජංකුක් ටේහ්‍යොන්ට නොරිදෙන විදියට ඒ ඇඟ තමන්ට හේත්තු කරගත්තා. ටේහ්‍යොන් හිටියටත් වඩා සිනිදුයි. ඒ හම අලුත් ඉපදුන දරුවෙක්ගෙ හමකට සමාන වෙලා. වෙනදට තියන ඇත්දළ පාට හම රෝස මල් පෙත්තක පාට අරන්. කොණ්ඩෙ උරහිසිනුත් පහළට වැවිලා. ටේහ්‍යොන් ගොඩක් ලස්සනයි හිටියටත් වඩා. සුරංගනාවියකට සමාන රූපයක්.

Devil's prince (Completed)Where stories live. Discover now