චූටි.....චූටි..........අනේ චූටි.......ඇස් ඇරපන් චූටි......
සනාශ්......
අහකට පලයන් ශෙනිරු...මං තොපි දෙන්නටම කිව්වා...මං තොපි දෙන්නටම කිව්වා මූට සනීප නෑ කියලා ....මං කිව්වා ....මම විතරක් නෙවෙ මූත් කිව්වා...චූටි.....අනේ......ඇස් ඇරපන්කො....මගෙ මල්ලි....
සනාශ්....මං...බලන්නම්.....
අහකට පලයන් යකො...නිර්වාන්......උඹ අත තියන්ඩ එපා හරි ...තොපි කාගෙ කවුරු මොක්කු උනත් මට අදාල නෑ.....හෙඩාද ඩිෆියුටියා ද මට අදාල නෑ......තොපෙ අම්මා තාත්තා මොකා උනත් මට අදාල නෑ.....අතැරපන් .....අතෑරපිය....අල්ලන්න එපා.........තොපි එකෙක් අල්ලන්න එපා...........චූටි.....චූටි.......චූටි මල්ලි........ඇස් ඇරපන් මගෙ චූටී.....
මං උන්නෙ ඇස් වහගහන......සිහියත් අවසිහියත් අතර...........මගෙ ගාව වැටීගන උන්න ලොකූ පුලුවන් තරම් මගෙ කම්මුල් වලට තට්ටු කර කර මට ඇස් අරින්න කිය කිය කෑ ගහනකොට මගෙ ගාවට ආව නිර්වාන්ව වගේම ශෙනිරුව පවා ලොකූ කෑ ගගහා එලෙව්වා වගේම මාව අල්ලන්නවත් ඉඩක් නොදී තල්ලු කරලා යැව්වා ....
චූටි.....චූටී......අනෙ ඇස් ඇරපන්කො....මං කිව්ව්නෙ ...මං කිව්වනෙ මේ මගුල් නොකර ඉදින් කියලා ....අප්පච්චිට අම්මට මං මොනාද කියන්නෙ චූටි ....අම්මට මං මොනාද කියන්නෙ..
සනාශ්......සනාශ් ....පොඩ්ඩක් ඉන්නකො....නිර්වාන් ඔය ලමයව ගනින්.....
එපා....මං ගන්නම්..නිර්වාන් උඹ නම් අතක් තියන්න එපා මට පුලුවන් ...මට පුලුවන් මගෙ .....
කිව්වම අහලා පැත්තකට වෙන්න සනාශ් ..නිර්වානයා ගනින් ඔය කොල්ලව සික් රූම් එකට අරන් යමන්....
මං උන්නෙ හුස්ම අල්ලන්නවත් බැරිව ......වැටුන විදිහටම.උන්න මාව ලොකූ කිසිම කෙනෙක්ට අල්ලන්න නොදුන්නත් අවසානෙදි ශෙනිරු ඇවිදින් ලොකූව එතනින් ඇදගන යන හැටි මට දැනුනා........නිර්වාන්ට මාව අරගනින් කියන එක පවා මට ඇහුනා..........මං උන්නෙ ඇග පන නැතිව..කොටිම්ම මගෙ ඇගේ තිබුන හැම හයියක්ම දියවෙලා ගියා වගේ දැනුනා.....
සයාශ්........සයාශ්......
හෙඩා..... ඒ හෙඩාගෙ කටහඩ...මම ඇස් අරින්න හැදුවා ..ඒත් බෑ..කෙදිරි ගාන්න හැදුවා ඒත් බෑ..ඈතින් ඇහෙන ලොකූගෙ සද්දෙට පස්සෙ මට ඇහුනෙ හෙඩාගෙ කටහඩ වෙනකොට අවසානෙදි ඒකා මගෙ මුනට පවා හිමින් තට්ටු කරලා මාව උස්සගන්නවා එක්කම මට එතනින් එහා කිසිම දෙයක් ඇහෙන් නැති උනා.......මට දැනෙන් නැති උනා......
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!